Saturday, April 10, 2010

ඉතාලිය හ~වා පෙට්ටියෙන් ගෙදර එත









ඉතාලියේ පෙරන්සි (ප්ලොරන්ස්) නගරයට මොර සූරන වර්ෂාව වැටුණේ අකුණුද සමගිනි. කෙමෙන් අඳුරේ ගිළෙමින් තිබූ මේ සුන්දර නගරයේ කෙළවර පිහිටි කෝපි හලක් අසළ මහමග නිසල සිරුරු දෙකකින් ගලා යන උණු ලේ දහර වැසි ජලයට මුසු වෙමින් තිබි‚.
සුදත් රෝහණ හා කමල් නිශාන්ත නාරාසූරිය ඉසුරු සොයා ගිය ගමනේ දී මෙසේ මරුවා සමග ගියහ. ඝාතකයා ද › ලාංකිකයෙකි.
පසුගිය 4 වැනිදා (ඉරිදා) සැඳෑ කාලයේ පෙරන්සි නගරයේදී තියුණු ආයුධයකින් ඇන මේ ඝාතන සිදුවිය. ඒවායේ විස්තර වාර්තාවට ඉතාලි ජනමාධ්‍ය සහ වෙබ් අඩවි විශාල ලෙස ප්‍රසිද්ධියක් දුන්නේය.

බිහිසුණු ඝාතන දෙක සිදු වූ ආකාරය දිග හැරෙන්නේ ඝාතනවලට වගකිවයුතු බවට සැක කරන › ලාංකිකයාගේ පිහි පහරින් බේරී දිවි ගලවාගත් මිතුරෙකුගෙනි. ඔහු ද › ලාංකිකයෙකි(47).
ෙජ්. එම්. සුදත් රෝහණ මහතා එක් දරු පියෙකි. ඔහු දෙහිවල ඛෙල්ලන්තර පාරේ පළමු වැනි පටුමගේ පදිංචිව සිටියේය. දහසක් දුක් කම්කටොලූ මධ්‍යයේ ඉතාලියේ රැකියාවකට ගියේ සිය එකම දිය‚ය සහ බිරිය තනිකරමින් ඉතාලියේ පෙරන්සි නුවරට පැමි‚යේ මීට වසර අටකට පෙරය.
සුවඳ විලවුන් නිපදවන කුඩා කර්මාන්ත ශාලාවක් අයිති ඉතාලි ජාතිකයකු යටතේ රැකියාවකට ගොස් තම අනාගතය වෙනුවෙන් මිල්ල (දැන් යුරෝ) රැස්කිරීමේ කාර්යයට එක්වූයේ තම බිරිය, දරුවා හා සහෝදර ඥාති හිතමිත්‍රාදීන්ටද යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා උදව් උපකාර කරන අදිටනින් බව ඔහු ගැන කතා කරන සියලූ දෙනා පවසති.
පොලීසිය කාරයක් පිරිස්සයි
තම සැමියගේ හදිසි මරණයෙන් සුදත් රෝහණ මහතාගේ බිරිය බි්‍රජට් සාමේන් ලාසාන් මහත්මිය දැඩි ලෙස කම්පාවට පත්ව සිටින්නීය
දිය‚ය ආර්ලීන් සෝන්ටේල් කොළඹ ශාන්ත ලෝරන්ස් විදුහලේ හත් වැනි වසරේය. තම පියාට සිදුවූ විපත ගැන කතා කිරීමට ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
මෙවන් අපරාධයක් වීමට තරම් තම සැමියා කිසිවෙකුට වරදක් කර නොමැති බව බිරිය කියයි. ඔහු නිතරම බිරියට පැවසුවේ දරුවා බලාගෙන හොඳින් සිටින ලෙසයි. එයා දුවට හරිම ආදරෙයි. මොන වේලාවේ කතා කළත් අහන්නේ දුක සැපමයි. එයා වසර අටකට පසු මේ මාසයේ අග ශ්‍රී ලංකාවට පැමිŒමටයි සිටියේ.
zzඅපට ඉතාලියෙන් ලැබුණු තොරතුරුවලට අනුව පසුගිය ඉරිදා එයාගේ හාම්පුතාගේ ගෙදර යන්න පෙර බස් නැවතුම අසල පිහිටි කඩයකට ගොස් තේ බී තිඛෙනවා. පසුව කමල්, නිශාන්තයි අමරේ කියලා තව යහළුවකුය. සමග පාරේ එන විට තමයි කමල්ට පිහියෙන් ඇන තියෙන්නේ. පසුව මෙයා යහළුවාව බදාගෙන බේරන්න යනවිට මෙයාගේ පපුවටත් පිහි පාර තුනක් ඇනලා තියෙනවා. අනෙක් යාළුවාට පිහිපාර හතරක් බඩට සහ පපුවට ඇනලා. අමරේ පස්සෙත් එළවාගෙන ගොස් තිඛෙනවා. ඔහු දුවලා බේරිලා. පසුව පොලිසිය අපරාධකරුව අල්ලාගෙන තිඛෙනවා. දැන් මොනවා වුණත් වැඩක් නැහැ. මගේ අහිංසක සැමියාට වූ දේ ගැන මට ලොකු වේදනාවක්ZZ
ඝාතනය වූ තැන
කමල් නිශාන්ත නාරාසූරිය මහතා 40 හැවිරිදි වියේ පසු වූ දෙදරු පියෙකි. රාජගිරිය ඔබේසේකරපුර ධර්ම ශාලාව පාරේ පදිංචිව සිටි ඔහු ද මීට වසර හයකට පෙර ඉතාලියට පැමි‚යේ සිය බිරියගේ සහ තවමත් පාසල් යන වයසේ පසුවන දරු දෙදෙනාගේ අනාගතයට ශක්තිමත් දැමීම සඳහා ඔහුගේ බාල සහෝදරයා වන දුමින්ද මංගල නාරාසූරිය මහතා පැවසීය.
කමල්ගේ හදිසි වියෝවෙන් දැඩි සේ කම්පාවට පත්ව සිටින ඒ මහතාගේ බිරිය ඩොන් මෙලනි මානාවි මහත්මිය ද දැඩි ශෝකයට පත් ව සිටින්නීය.
ඔහුගේ වැඩිමහල් පුතු වන රුක්ෂාන් හුන්ස් නාරාසූරිය (15) රාජගිරිය ජනාධිපති විදුහලේ ශිෂ්‍යයෙකි. zzතාත්තා හරි හොඳයි මටයි මගේ මල්ලිටයි ඉල්ලන හැම දෙයක්ම දෙනවා. හැමදාමත් තාත්තා අප සමග කතා කරනවාZZ
සිය පියා මෙම මස 26 දින › ලංකාවට පැමිŒමට නියමිතව සිටි බවත් ඊට පෙර බඩු පෙට්ටියක් නැව් මගින් › ලංකාවට එවූ බවත් ඔහු පැවසීය.
zzමම හරිම ආසාවෙන් හිටියේ තාත්තා දකින්න.
කමල් නිශාන්ත
කමල් නිශාන්ත මහතාගේ බාල පුත් බ්‍රයන් ඇන්තනි නාරාසූරියගේ වයස අවුරුදු හතකිි. රාජගිරිය ජනාධිපති විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබයි.
ලංකාවේ දෙතැනක ඉපිද හැදී වැඩි විදේශ ගතවී එකම රටක එකම නගරයේ සහෝදරයින් වශයෙන් ජීවත් වූ සුදත් රෝහණ සහ කමල් නිශාන්ත නාරාසූරිය යන මිතුරන්ගේ ළය පසාරුව යන ආකාරයෙන් පිහියෙන් ඇන එම ස්ථානයේම මරා දැමීයැයි › ලාංකික සැකකරු වූ වත්තල තෙලඟපාත පදිංචිකරුවකු වූ චමින්ද අතුල කුමාර නමැති (35) සැකකරු එරට පොලිසිය විය හැකිය. අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර ඔහු විසින් උල් පිහියක්ද සොයා ගෙන ඇතැයි ඉතාලි පොලීසිය කියයි.
ඔහුගේ නම ඉතාලි පොලිසියේ අපරාධගත ලැයිස්වේ ඇත.
වසර 12කට පමණ පෙර ඉතාලියට ගිය මොහු එරටදී පෙරන්ස් නගරයේ ජීවත් වූ මහලූ යුවළක් බලාගෙන ඔවුන් සමග වාසය කර ඇත. ධනවත් මහලූ යුවළ සතු ලොකු දේපළක්ද මොහුට අයිතිවී යැයි කියති. ඒ අනුව විශාල ධනවතකු වූ මෙම සැකකරු අතදිගහැර වියදම් කරමින් මෙරට නොයෙක් සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් එරටට ගෙන්වා සංගීත සංදර්ශන පවත්වා ඇත. පසුව එම ව්‍යාපාරයෙන් විශාල ලෙස පාඩු ලබා ඇතැයි කියති.
මොහු ජීවත් වූ නිවසේ නිදන කාමරයේ තිබූ දර්ශනවලට අනුව ඔහු ජර්මනියේ යුදෙව් විරෝධි ආගම අදහා ඇති බවට ඉතාලි පොලිසියට තොරතුරු හෙළිවී ඇත. එම ආගමෙන් ඉගැන්වෙන ආයුධ ඇදහීමේ ක්‍රමවේදය භාවිතා කර ඇති බව පෙනේ යැයි ඉතාලි පොලිසිය කියයි.
කමල්ගේ බිරිය හා දරුවන් දෙදෙනා
අන් අයකුගේ ලේ සෙලවීමෙන් යම් වින්දනයක් ලැබීමේ මානසික තත්ත්වය මොහුට තිබුණේ දැයි පරීක්ෂණවලට ලක්වන බව පොලිසිය කියයි. මොහු මත්ද්‍රව්‍ය භාවිතය සහ පිහි ඇනුම් වලින් විවිධ ජාතිකයින්ට කළැයි කියන හිරිහැර සම්බන්ධයෙන් ඉතාලි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අධිකරණයේන් ද~ුවම් ලබා සිටි අයෙකු බව ඉතාලි පොලිසිය කියයි.
මියගිය › ලාංකිකයන් දෙදෙනාගේ සිරුරු පොරන්ස්හී මල් ශාලාවක තැන්පත් කර ඇති බවත් ලබන බදාදා සිරුරු හී්‍ර ලංකාවට එවීමට නියමිත බවත් පවුලේ සමාජිකයෝ කියති. මිතුරන්ගේ අවසන් බුහුමන් සඳහා සිරුරු දෙක ඉතාලියේ පෙරන්සි නගරයේ බෞද්ධ විහාරයකදී පැය කිහිපයක් තැන්පත් කැර තැබීමට ද යයි. ඔවුන් විපතට පත් වූ වස්ථාවේ සිට සරුරු › ලංකාවේ ඉතාලි මිතුරන් උදවු උපකාර කරන බව නෑයෝ කියති

Final Result