Thursday, April 22, 2010

තන නිදහස්-එතැන උදහස්


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවේ පසුවන අතරම අද දින(22)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 07 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී විය.එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මෙන්ම අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්ව පාර්ලිමේන්තු සභා ගර්භයේදී සුහද කතා බහක නියැළී සිටින අයුරු කැමරා කාචයේ සටහන් වූ අයුරු. adaderana

වම්බටු රංජිත් වෙඩිවැදී මරුදකියි


සූරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අලුයම 2 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව, උණුදිය පොකුණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ කංකානම්ගේ රංජිත් නොහොත් වම්බටු රංජිත් නැමැත්තෙකි.
නාදුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී ‍‍නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.adaderana

මෙය අශෝභන ක්‍රියාවක් -විමල්


ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් ලබාදෙන බවට රජය පොරොන්දු වුව ද අවසානයේ එක් මන්ත්‍රී ධූරයක් පමණක් ලබාදීම අශෝභන ක්‍රියාවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය අප්‍රේල් 20 වන දින මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත් හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ලබාදිය හැක්කේ එක් මන්ත්‍රී ධුරයක් පමණක් යැයි දැනුම් දුන් බව ද වීරවංශ සඳහන් කළේය. නමුත් එහිදී ඒ වෙනුවෙන් ජාතික පෙරමුණේ විරෝධය පළ කරමින් මන්ත්‍රී ධූර 02ක් අවශ්‍ය බවට අවධාරණය කළ බවත් ඒ මහතා පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙත මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළ බවද වීරවංශ මහතා ප්‍රකාශ කළේය. adaderana

එජාපය සමග රැ‍ඳෙන්න කිසිම හේතුවක් නෑ


එක්සත් ජාතික පෙරමුණ තුළ තවදුරටත් රැඳී සිටීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි. ඉදිරි ‍දින දෙක ඇතුළත එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතික ‍පෙරමුණ සමග ඉදිරියටත් රැඳී සිටීම සඳහා කිසිදු හේතුවක් නොමැති නමුත් එම පෙරමුණෙන් ඉවත්වීම සඳහා බොහෝ හේතු පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. adaderana

ෆොන්සේකා පාර්ලිමේන්තු යයි


ප්‍රජාතන්ත්‍රවාදී ජා‍තික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද රැස්වුණු මංගල පාර්ලිමේන්තු සැසියට සහභාගී වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රීක්කයෙන් මනාප ඡන්ද 98,458 ක් ලබා පසුගියදා පාර්ලිමේන්තුවට තේරීපත් විය. adaderana

ඇමරිකාවෙන් සිහිගැන්වීමක්


රජයට ලැබුණු විශිෂ්ට ජනවරම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පිලිප් ක්‍රවුලි පවසන්නේ දශක කිහිපයක් තිස්සේ පැවති යුදමය තත්ත්වයෙන් පසු සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා රජය කැපවිය යුතු බවයි.
මේ අතර පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබේ..
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව ද පකිස්ථාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජය වෙත පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත..adaderana

කතානායක පුටුව චමල්ට


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු මංගල සැසිවාරය ආරම්භ වූ අද පෙරවරුවේ චමල් රාජපක්ෂ මහතා කථානායකධුරයේ දිවුරුම් දී ඇති බව සඳහන් වේ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් කථානායක ධුරයට චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇති අතර කරූ ජයසූරිය මහතා එය ස්ථිර කර තිබේ.
එක්සත් ජනතා‍ නිදහස් සන්ධානයේ හම්බන්තො‍ට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ චමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයේ දී මනාප ඡන්ද 79,648 ක් ලබාගැනීමට සමත්විය.
පසුගිය රජයේ වරාය හා ගුවන්සේවා කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ද ඔහු කටයුතු කරනු ලැබිණි.නියෝජ්‍ය කතානායක ධූරයට ප්‍රියංකර ජයරත්න මහතා පත් තෝරා පත් කරගෙන තිබේ. adaderana

අවංකව වැඩකරන අයට මුල්තැන


පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ තීරණය සති දෙකක් ඇතුළත තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දන්වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නව තනතුරු පත්කිරීම් හා බලතල බෙදාදීමේ දී පක්ෂය තුළ කැපවීම් සිදුකරන සහ අවංකව කටයුතු කරන පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදෙන බව ඔහු පෙන්වා දෙයි. ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවූ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී ඔහු මන්ත්‍රීවරුන් වෙත දන්වා සිටියේ ඉදිරි පාර්ලිමේන්තුව තුළ සාමූහිකව කටයුතු කරමින් රටට ආදර්ශයක් සපයන අයුරින් කටයුතු කිරීමට සියලු මන්ත්‍රීවරුන් අදිටන් කරගත යුතු බවය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරිනැමීම සම්බන්ධයෙන් ද පක්ෂ නායකවරයා එහිදී කරුණු දක්වා සිටියේය. උපරිම ප්‍රමුඛතාව අනුව ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් නම් කළ බව ඔහු පැවසුවේය. adaderana

7වන පාර්ලිමේන්තුව අද රැස්වේ


හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද ආරම්භ වේ. නව පාර්ලිමේන්තුව උදෑසන 8.45 ට ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා පවසයි. පාර්ලිමේන්තුව කැඳවීම පිළිබද ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කියවනු ලැබීමෙන් අනතුරුව අද පාර්ලිමේන්තුවේ දී සිදුවන ප්‍රධානතම කාර්යය වන්නේ කථානායකවරය‍ා පත්කර ගැනීමය.
කථානායක ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර රහස් ඡන්දයක් පැවැත්වෙනු ඇත. එසේ නොමැතිව කථානායක ධුරය සඳහා එක් පුද්ගලයෙකුගේ පමණක් නාමයෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් ඔහු නිතරගයෙන් කථානායකධුරයට පත්කිරීම ස්ථාවර නියෝග අනුව සිදුවේ.
කෙසේවුවද මෙවර කථානායක ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන්ය. ඒ සඳහා විපක්ෂ නායකවරයාගේ ද අනුමැතිය ලැබී තිබේ. අවසන් පාර්ලිමේන්තු තුනේදීම කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිනැමීම මෙවර ආණ්ඩු පක්ෂයෙන් පුද්ගලයෙකු පත්කිරීමට හේතුවී ඇත. අද දිනයේ කථානායකවරයා දිවුරුම් දීමෙන් පසු සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රී ධුරවල නිල වශයෙන් දිවුරුම් දීම සිදුකෙරේ. නියෝජ්‍ය කථානායක ධුරය හා නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරවලට තෝරාපත් කර ගැනීම සිදුකෙරෙන්නේ ඉන් අනතුරුවය.
මේ අතර මැතිසබයට තේරීපත්ව දැනට යුද හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ද පාර්ලිමේන්තු මංගල සැසිවාරයට සහභාගී වීමට නියමිතය. ඒ සඳහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව අවශ්‍ය පහසුකම් සලසා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනර‍ාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. මේ අතර අද දිනයේ මැතිසබයට පැමි‍ණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව සීමා කර ඇති අතර එක් මන්ත්‍රීවරයෙකු සමග පැමිණිය හැක්කේ තවත් එක් පුද්ගලයෙකුට පමණක් බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේය.adaderaana

විජමු සබරගමු ආණ්ඩුකාර ධුරයට


හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කර තිබේ. ඒ සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර ජ‍ානක ප්‍රියන්ත බණ්ඩාර මහතාගෙන් හිස්වූ ධුරය සඳහායි. ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියි. විජමු ‍ෙලාකුබණ්ඩාර මහතා පසුගිය පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත්වූ අතර ඔහු එම පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. adaderana