Thursday, April 22, 2010

මෙය අශෝභන ක්‍රියාවක් -විමල්


ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් ලබාදෙන බවට රජය පොරොන්දු වුව ද අවසානයේ එක් මන්ත්‍රී ධූරයක් පමණක් ලබාදීම අශෝභන ක්‍රියාවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය අප්‍රේල් 20 වන දින මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත් හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ලබාදිය හැක්කේ එක් මන්ත්‍රී ධුරයක් පමණක් යැයි දැනුම් දුන් බව ද වීරවංශ සඳහන් කළේය. නමුත් එහිදී ඒ වෙනුවෙන් ජාතික පෙරමුණේ විරෝධය පළ කරමින් මන්ත්‍රී ධූර 02ක් අවශ්‍ය බවට අවධාරණය කළ බවත් ඒ මහතා පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙත මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළ බවද වීරවංශ මහතා ප්‍රකාශ කළේය. adaderana

0 comments:

Post a Comment