Thursday, April 22, 2010

කතානායක පුටුව චමල්ට


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් චමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු මංගල සැසිවාරය ආරම්භ වූ අද පෙරවරුවේ චමල් රාජපක්ෂ මහතා කථානායකධුරයේ දිවුරුම් දී ඇති බව සඳහන් වේ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් කථානායක ධුරයට චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇති අතර කරූ ජයසූරිය මහතා එය ස්ථිර කර තිබේ.
එක්සත් ජනතා‍ නිදහස් සන්ධානයේ හම්බන්තො‍ට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ චමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයේ දී මනාප ඡන්ද 79,648 ක් ලබාගැනීමට සමත්විය.
පසුගිය රජයේ වරාය හා ගුවන්සේවා කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ද ඔහු කටයුතු කරනු ලැබිණි.නියෝජ්‍ය කතානායක ධූරයට ප්‍රියංකර ජයරත්න මහතා පත් තෝරා පත් කරගෙන තිබේ. adaderana

0 comments:

Post a Comment