Wednesday, February 24, 2010

Paba

අලින්ගේ යෝජනාව ජෙනරාල් ප්‍රතිෙක‍ෂ්ප කරයි

එක්සත් ජාතික පෙරමුණේ zඅලියාZ ලකුණින් තරඟ කිරීමටත් එම පෙරමුණේ නියෝජ්‍ය නායකත්වය ලබා ගන්නා ලෙසට හා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී පදවියකට පත් කරන්නට කර තිඛෙන යෝජනාවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතිෙක‍ෂ්ප කොට තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එජාප හා එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන නායකයින් කීපදෙනකු විසින් කර ඇති යෝජනාව සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (23) සවස පැවැති සාකච්ඡාවට ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක‍ෂ මහතාද සහභාගි වී තිබේ.
එජාපෙ ලියාපදිංචි දේශපාලන පක‍ෂයක් නොවන අතර එවැන්නක නියෝජ්‍ය නායක පදවියක් බාරගන්නට අකැමැති බවට ෆොන්සේකා මහතාගේ පණිවිඩය මේ සාකච්ඡාවේදී ෆොන්සේකා මහත්මිය දැනුම් දී තිබේ.
ජනාධිපතිවරණයේ විපක‍ෂයේ ප්‍රධානම අපේක‍ෂකයා ලෙස තරඟ කළ ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයට zකුසලානයZ ලකුණින් තරඟ කරන බවත්, දැනටමත් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුව සකස් කරමින් තිඛෙන බවත්, අනෝමා ෆොන්සේකා මහත්මිය zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවාය.
මේ අතර අද දහවල් විපක‍ෂ නායක නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මාතර දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවැසුවේ ඊයේ සවස අනෝමා ෆොන්සේකා මහත්මියත් විජයදාස රාජපක‍ෂ මහතාත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් එජාප ඉහළ සාමාජිකයින් දෙදෙනකු සමඟ ජෙනරාල් ෆොන්සේකා මහතාගේ පණිවිඩයකට අදාල කරුණු සාකච්ඡා කළ බවත් එහිදී දේශපාලනය හා සම්බන්ධ විවිධ කරුණු මෙන්ම ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමේ නීතිමය කටයුතු ගැනත් සාකච්ඡා වූ අතර මෙහිදී එජාප හා එජා පෙරමුණේ ස්ථාවරයට දැනුම් දුන් බවත් කීය.
සාකච්ඡාව ආරම්භ කළ අවස්ථාවේම ජෙනරාල් ෆොන්සේකා මහතාට එජාපෙ නියෝජ්‍ය නායකත්වය බාර ගන්නා ලෙසට ආරාධනා කළ බවද, මෙම සාකච්ඡාවේදී අවසාන නිගමනයකට නොපැමිණි බවද ඔහු සඳහන් කළේය.
එජාපෙ ආරාධනය තවමත් විවෘත බව පැවසූ එA මහතා හැකිතාක් දුරට පොදු සන්ධානයක් ඇතිකර ගෙන ඉදිරියට යාමට කටයුතු කරන බවද කීවේය.තවමත් එජාපෙ අලියා ලකුණින් තරඟ කරන්නැයි කොන්දේසියක් පැනවීමෙන් ආරාධනය විවෘත යැයි කියන්නේ කෙසේ දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ එය කොන්දේසියක් නොවන බවයි. එහෙත් ප්‍රධාන රාමුව වන අලියා ලකුණ තුළ සිටිමින් සාකච්ඡා කරන බවත් කීය. අලියා ලකුණින් තරඟ කළයුතුය යන මතය තුළ එල්ලී නොසිට යාහැකි පොදු එකඟතාවකට යාමට සූදානම් නැද්දයි ඇසූ ප්‍රශ්නයකට රත්නායක මහතා සෘජු පිළිතුරක් දුන්නේ නැත. ඔහු කීවේ ජනාධිපතිවරණයෙන් පසු එම මැතිවරණයේදී එකට සිටි පක‍ෂ සියල්ල මහාමැතිවරණය තරඟ කිරීමට අදාළ කරුණු සාකච්ඡා කර තීන්දු ගත් බවයි.
ඉදිරියේදීත් එම පක‍ෂ සමඟ එකට වැඩ කරන්නට කැමැති බවද ඔහු පැවැසීය.
zඅලියාZ ලකුණ කොන්දේසියක් දමාගෙන සාකච්ඡාවට විවෘතයි කියන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු ඇසූ තවත් ප්‍රශ්නයකට රත්නායක මහතාගේ පිළිතුර වූයේ zපුළුවන් අවස්ථාවලදී පුළුවන් රාමු හදාගත්තා. ලකුණත් පරිත්‍යාග කොට එජාප නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී කැප කිරීමක්ද කළා යන්නයිZ.lanake

ෆොන්සේකා අත්සන තබයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දහවල් නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ දිනයේ අධිකරණයෙන් දුන් නියෝගයට අනුව සැලසුණු ඉඩ ප්‍රස්ථාව ප්‍රයෝජනයට ගෙන නීතිඥ සුනිල් වටගල මහතා විසින් නාම යෝජනාපත්‍රයට සරත් ෆොන්සේකා මහතාගේ අත්සන ලබා ගැනීමට කටයුතු කළ බව හෙතෙම කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන මහ මැතිවරණයේදී"ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ"යටතේ"කුසලානය"ලකුණෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟවදින බව මීට ඉහතදී ප්‍රකාශයට පත් කර තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා වන්නේද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාය.ada

පුදුම උත්සාහයක් ගත්තත් බැරිවුණා-මංගල


එළඹෙන මහ මැතිවරණයෙන් පසුව"එක්සත් ජාතික පෙරමුණ"ලෙස ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස දැනට පවතින සන්ධානය විධිමක් කරන බන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශව‍යේ නායක මංගල සමරවීර මහතා පවසයි. ඒ වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සවස මූලික එකඟතා ගිවිසුමකට එළඹෙන බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයෙන්"අලියා"ලකුණින් මෙවර මහ මැතිවරණයට 7 දෙනෙක් තරඟවදින බවත්,තමන් මාතරින් තරඟකරන බවත් සමරවීර මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයෙකු වන ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ ද මෙවර මහ මැතිවරණයේදී"අලියා"ලකුණෙන් තරඟ කරන බව ඔහු පැවසීය. පුළුල් සන්ධානක් සාදා ගන්නට පුදුම උත්සාහයක් ගත්තද නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා එකී උත්සහය අසාර්ථක වූ බවද හෙතෙම අවධාරණය කළේය.‍ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කළ ඇතැම් අයට මෙවර මහ මැතිවරණයේදී වෙන් වෙන්ව කටයුතු කරන්නට සිදුවීම බැලූ බැල්මට අවාසි සහගත ලෙස පෙනෙන්නට තිබුණද එහි යම් යම් වාසි සහගත තත්ත්වයන් ද දක්නට ලැබෙන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය. ada

විමුක්ති පෙරමුණ"විපත්ති පෙරමුණක්"වෙලා


ජනතා විමුක්ති පෙරමුණ දැන් විමුක්ති පෙරමුණක් නොව ජනතාවට විපත්ති ගෙන දෙන"විපත්ති පෙරමුණක්"බවට පත්වී ඇතැයි හිටපු ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
මාස දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළ පක්ෂ ලකුණ වරින් වර මාරු කරමින් මෙම ජනතා විපත්ති පෙරමුණ දැන් උත්සාහ දරන්නේ පිදුරු ගහක එල්ලී හෝ ඊළඟ පාර්ලිමේන්තුවේ අසුනක් දෙකක් රැකගැනීමට බව හෙතෙම කියා සිටියේය.
ජනාධිපතිවරණයේදී සන්ධාන ගත වූ ජ.වි.පෙට සහ එ.ජා.පයට මේ වනතුරුත් එකඟතාවයකට එන්නට නොහැකි වී ඇතැයිද ජ.වි.පෙට සිය අනන්‍යතාවය පවා අහිමි වී ඇතැයිද ඔහු පැවසීය.යම් හෙයකින් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරනු ලැබීනම් සන්ධාන ගත වන ලෙස ඉල්ලීමක් නොව අනිවාර්යය නියෝගයක් පනවනු ඇතැයි ද හෙතෙම සිහිපත් කළේය. ada

ජනපතිටත් යුද අපරාධ චෝදනා ගේන්න මිලිබෑන්ඩ් සූදානම්


ජාත්‍යන්තර දෙමළ සමුළුවක ආරම්භක දේශනය පැවැත්වීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතියක් ලබාදීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ මෙම සමුළුවේ දී අවධානයට ලක්වනු ඇතැයි සඳහන් වේ.
මෙමගින් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර දැනට පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පලුඳු වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. බ්‍රිතාන්‍ය ඡායා කැබිනට් මණ්ඩලයේ විදේශ ලේකම් විලියම් හේග් මහතා ඇතුළු එරට පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද මෙම සමුළුව ඇමතීමට නියමිත බව සඳහන් වේ.
අදා‍ළ සමුළුවේ සභාපති එස්.ජේ.එමානුවෙල් බ්‍රිතාන්‍ය මාධ්‍යයක් වෙත පවසා ඇත්තේ ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ වත්මන් තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් ඇති බවයි.
යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ධනුන අල්ලන්න පොලිස් දැල එළයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ මෙහෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
රි ලංකා යුද හමුදාවට අවි ආයුධ ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලැබුණු අධිකරණ නියෝගයක් මත මෙම මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙයි. පසුගිය 15 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ධනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදි අධිකරණයට දන්වා සිටියේ සාක්ෂි විභාගයක් සඳහා තම දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙස ධනුන තිලකරත්න මහතාට දන්වා සිටිය ද ඔහු ඊට සහභාගි නොවු බවයි.ada

අත්බෝම්බයක් එක්ක අයෙක් දැලේ


ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.. කිරිඳිවැල මයිලවලාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
වයස අවුරුදු 19 ක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විදේශීය රටක නිෂ්පාදිත මෙම අත්බෝම්බය සොයාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.. ada

ශ්‍රීලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය නොවෙයි


ශ්‍රී ලංකාවේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය නොවන බවට තමා තුළ විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලෙක් මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සාඩම්බර අතීතයකට හිමිකම් කියන ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බවත්,එමෙන්ම රට තුළ මානව අයිතීන් සුරකින ආකාරය පවත්වාගෙන යන බව ත් රොබට් ඕ ‍බ්ලෙක් මහතා කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ බි.බි.සී. ප්‍රවෘත්තී සේවය සමග ශ්‍රී ලංකාව පිළිබඳ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදි තවදුරටත් අදහස් දැක්වු රොබට් ඕ ‍බ්ලෙක් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඇතැම් ක්ෂේත්‍රයන්හි සාධනීය වර්ධනයක් කළ යුතු බවයි. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බි.බි.සී. ය අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු‍ දෙමින් රොබට් ඕ ‍බ්ලෙක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ෆො
න්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ස්ථීර යමක් ප්‍රකාශ කළ හැක්කේ ඔහුට එරෙහිව පවතින චෝදනා අනාවරණය වු පසුව බවයි. එමෙන්ම ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ශ්‍රී ලංකාවේ හිටපු අ‍මෙරිකානු තානාපති රොබට් ඕ බ්ලෙක් මහතා පවසා තිබේ.
එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ අවතැන් වුවන් නැවත පදිංචි කරවීම සඳහා බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ..

කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කරති


එළඹෙන මහ මැතිවරණය සඳහා ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ඊයේ දිනය තුළ ස්වාධීන කණ්ඩායම් 58 ක් ඇප මුදල් තැන්පත් ර ඇති බව සඳහන් වී ඇති අතර නාමයෝජනා බාර දී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 14 කි. කොළඹ , ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික් සදහා ස්වාධීන කණ්ඩායම බැගින් ද , රත්නපුර , පුත්තලම , කෑගල්ල , කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් ද මාතලේ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක්ද ඊ‍යේ දිනය වන විට නාම යෝජනා බාරදී තිබේ. මීට අමතරව දේශපාලන පක්ෂ 7 ක් සහ දිස්ත්‍රික් 12 ක් සඳහා නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි..
ඒ අනුව ජනසෙත පෙරමුණ ගාල්ල , වන්නි , අනුරාධපුර , නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නාමයෝජනා භාරදී ඇති බව සඳහන් වේ.. සිංහලේ මහා සම්මත භූමී පුත්‍ර පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික්යටද , එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල දිස්ත්‍රික්කයට ද ඊයේ නාමයෝජනා බාරදී තිබේ.
ටි.එම්.වී.පි. පක්ෂය යාපනේ හා වන්නි දිස්ත්‍රික් සදහා නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ..
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂයත් , මහනුවර , මොණරාගල දිස්ත්‍රික්ක සදහා ජාතික සංවර්ධන පෙරමුණත් නාමයෝජනා බාරදී ඇති අතර ඊයේ දිනය තුළ කළුතර දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා බාරදී ඇති පක්ෂය වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණයි. ada