Wednesday, February 24, 2010

කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කරති


එළඹෙන මහ මැතිවරණය සඳහා ඊයේ දිනය වන විට ස්වාධීන කණ්ඩායම් 170 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව ඊයේ දිනය තුළ ස්වාධීන කණ්ඩායම් 58 ක් ඇප මුදල් තැන්පත් ර ඇති බව සඳහන් වී ඇති අතර නාමයෝජනා බාර දී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 14 කි. කොළඹ , ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික් සදහා ස්වාධීන කණ්ඩායම බැගින් ද , රත්නපුර , පුත්තලම , කෑගල්ල , කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ස්වාධීන කණ්ඩායම් දෙක බැගින් ද මාතලේ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක්ද ඊ‍යේ දිනය වන විට නාම යෝජනා බාරදී තිබේ. මීට අමතරව දේශපාලන පක්ෂ 7 ක් සහ දිස්ත්‍රික් 12 ක් සඳහා නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි..
ඒ අනුව ජනසෙත පෙරමුණ ගාල්ල , වන්නි , අනුරාධපුර , නුවරඑළිය යන දිස්ත්‍රික් සදහා නාමයෝජනා භාරදී ඇති බව සඳහන් වේ.. සිංහලේ මහා සම්මත භූමී පුත්‍ර පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික්යටද , එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාල්ල දිස්ත්‍රික්කයට ද ඊයේ නාමයෝජනා බාරදී තිබේ.
ටි.එම්.වී.පි. පක්ෂය යාපනේ හා වන්නි දිස්ත්‍රික් සදහා නාමයෝජනා බාරදී ඇති බව සඳහන් වේ..
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා කම්කරු පක්ෂයත් , මහනුවර , මොණරාගල දිස්ත්‍රික්ක සදහා ජාතික සංවර්ධන පෙරමුණත් නාමයෝජනා බාරදී ඇති අතර ඊයේ දිනය තුළ කළුතර දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා බාරදී ඇති පක්ෂය වන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණයි. ada

0 comments:

Post a Comment