Wednesday, February 24, 2010

ජනපතිටත් යුද අපරාධ චෝදනා ගේන්න මිලිබෑන්ඩ් සූදානම්


ජාත්‍යන්තර දෙමළ සමුළුවක ආරම්භක දේශනය පැවැත්වීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් මහතා සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ස්වයංපාලන අයිතියක් ලබාදීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ මෙම සමුළුවේ දී අවධානයට ලක්වනු ඇතැයි සඳහන් වේ.
මෙමගින් ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර දැනට පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පලුඳු වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. බ්‍රිතාන්‍ය ඡායා කැබිනට් මණ්ඩලයේ විදේශ ලේකම් විලියම් හේග් මහතා ඇතුළු එරට පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද මෙම සමුළුව ඇමතීමට නියමිත බව සඳහන් වේ.
අදා‍ළ සමුළුවේ සභාපති එස්.ජේ.එමානුවෙල් බ්‍රිතාන්‍ය මාධ්‍යයක් වෙත පවසා ඇත්තේ ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉතිහාසය සහ වත්මන් තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් ඇති බවයි.
යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

0 comments:

Post a Comment