Wednesday, February 24, 2010

ශ්‍රීලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය නොවෙයි


ශ්‍රී ලංකාවේ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය නොවන බවට තමා තුළ විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලෙක් මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සාඩම්බර අතීතයකට හිමිකම් කියන ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බවත්,එමෙන්ම රට තුළ මානව අයිතීන් සුරකින ආකාරය පවත්වාගෙන යන බව ත් රොබට් ඕ ‍බ්ලෙක් මහතා කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ බි.බි.සී. ප්‍රවෘත්තී සේවය සමග ශ්‍රී ලංකාව පිළිබඳ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදි තවදුරටත් අදහස් දැක්වු රොබට් ඕ ‍බ්ලෙක් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ඇතැම් ක්ෂේත්‍රයන්හි සාධනීය වර්ධනයක් කළ යුතු බවයි. ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බි.බි.සී. ය අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු‍ දෙමින් රොබට් ඕ ‍බ්ලෙක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ෆො
න්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ස්ථීර යමක් ප්‍රකාශ කළ හැක්කේ ඔහුට එරෙහිව පවතින චෝදනා අනාවරණය වු පසුව බවයි. එමෙන්ම ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ශ්‍රී ලංකාවේ හිටපු අ‍මෙරිකානු තානාපති රොබට් ඕ බ්ලෙක් මහතා පවසා තිබේ.
එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වඩා ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ අවතැන් වුවන් නැවත පදිංචි කරවීම සඳහා බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ..

0 comments:

Post a Comment