Wednesday, February 24, 2010

පුදුම උත්සාහයක් ගත්තත් බැරිවුණා-මංගල


එළඹෙන මහ මැතිවරණයෙන් පසුව"එක්සත් ජාතික පෙරමුණ"ලෙස ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස දැනට පවතින සන්ධානය විධිමක් කරන බන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශව‍යේ නායක මංගල සමරවීර මහතා පවසයි. ඒ වෙනුවෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සවස මූලික එකඟතා ගිවිසුමකට එළඹෙන බවද හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයෙන්"අලියා"ලකුණින් මෙවර මහ මැතිවරණයට 7 දෙනෙක් තරඟවදින බවත්,තමන් මාතරින් තරඟකරන බවත් සමරවීර මහතා සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයෙකු වන ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ ද මෙවර මහ මැතිවරණයේදී"අලියා"ලකුණෙන් තරඟ කරන බව ඔහු පැවසීය. පුළුල් සන්ධානක් සාදා ගන්නට පුදුම උත්සාහයක් ගත්තද නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා එකී උත්සහය අසාර්ථක වූ බවද හෙතෙම අවධාරණය කළේය.‍ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කළ ඇතැම් අයට මෙවර මහ මැතිවරණයේදී වෙන් වෙන්ව කටයුතු කරන්නට සිදුවීම බැලූ බැල්මට අවාසි සහගත ලෙස පෙනෙන්නට තිබුණද එහි යම් යම් වාසි සහගත තත්ත්වයන් ද දක්නට ලැබෙන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය. ada

0 comments:

Post a Comment