Sunday, February 28, 2010

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් අන්තර්ජාල පෙත්සමක්


කිසිදු චෝදනාවක් එල්ල නොකර යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම විවෘත කිරීම හෙට පෙරවරු 10.00 අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලය තුළදී සිදුකරන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පැවසීය. මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රවිනිශ්‍යකාර සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ විද්වතුන්, කළාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවීමට නියමිතය.truth

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබූ ලෝක කුසලානය කෙන්යාවට

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අකර්්‍යක‍ෂමතාවය නිසා මෙතෙක් ලොව විශාලම තේ අපනයනකරුවා ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබු කීර්ති නාමය කෙන්යාව විසින් හිමි කර ගෙන ඇතැයි දේශීය තේ අපනයන කරුවන් චෝදනා කර සිටියි.
පසුගිය වසරේ කෙන්යාව විසින් තේ කිලෝ ග්‍රෑම් මිලියන 342 ක් ලෝක වෙළඳ පොල වෙත යොමු කර ඇති අතර එය ලෝක තේ අපනයනයෙන් 22% ක අගයක් බව පැවසේ.එම කාලය තුළ ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොලට යොමු කර ඇති තේ ප්‍රමාණය වන්නේ කිලෝ ග්‍රෑම් මිලියන 280 කි.මෙසේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසර කීපයක් තිස්සේ පහත වැටීමට හේතු වී ඇත්තේ තේ වගාවට සුදුසු බිම් නිසි ලෙස වගා නොකිරීම, නුසුදුසු පොහොර වර්ග භාවිතය හා තේ සම්බන්ධ අපනයනයන්හි ඇති දූෂණ ක්‍රියා බව ප්‍රධාන පෙළේ තේ අපනයන කරුවන් ප්‍රකාශ කරයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වියදම සෙසු රටවලට වඩා ඉහළ මට්ටමේ ඇති බවද පවසන දේශීය තේ අපනයනකරුවන් ශ්‍රී ලංකාවට ලෝක තේ වෙළෙඳ පොලේ දැන් හිමිව ඇත්තේ සිව්වන ස්ථානය බවත් ඉන්දියාව හා චීනය පවා මෙරටට ඉදිරියෙන් සිටින බවත් පවසයි.lankae

අපේක‍ෂකයින් 660 යි: ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණයත් ගැටළුවක්

ඉතිහාසයේ වැඩිම අපේක‍ෂක සංඛ්‍යාවක් තරඟ කිරීම නිසා මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඩි 4 කටත් වඩා දිගු වන බැවින් මුද්‍රණය කිරීම පවා ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 66 ක් තරඟ කරති. එක් අපේක‍ෂක ලැයිස්තුවක අපේක‍ෂකයින් 10 දෙනෙකු සිටින අතර මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 ක් වේ. මේ සියළු දෙනාගේම නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතු බැවින් එය සාමාන්‍ය ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරන අයුරින් මුද්‍රණය කළහොත් අඩි 4 කට වඩා දිගු වේ. මේ නිසා නව ආකාරයක ඡන්ද පත්‍රිකාවක් කෙරෙහි කොමාසාරිස් කාර්යාලයේ අවධානය යොමුවී තිබේ.
මෙලෙසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ද කණ්ඩායම් 44 ක් තරග කරන බැවින් එහි ඡන්ද පත්‍රිකාවත් ඉතා දිගු එකක් වී ඇත.
අම්පාර සහ මඩකලපුවේ අසාමාන්‍ය ලෙස ස්වාධීන කණ්ඩායම් තරඟ කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට මුහුණ දුන් අපේක‍ෂකයන්ට ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් අවමය රුපියල් ලක‍ෂ 5 ක් ගෙවා ඇති බැවින් කුමන හෝ ක්‍රියාවක් සිදුකරගෙන මුදල් ලබා ගැනීමේ කූඨ අපේක‍ෂාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි. lankae

නීති කඩන මාධ්‍යයන්ට අධිකරණයට අපහාස කිරිම යටතේ නඩු පවරනවා- මැතිවරණ කොමසාරිස්

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත පනවන ලද නිර්දේශ මෙවර මහා මැතිවරණයේදී පිළිනොපදින සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනයෙන් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිනොපදින සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙතොත් ඔවුන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන බවයි.
නිම වූ ජනාධිපතිවරණයේදී විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යයන්හි හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3 ක් ඉදිරිපත් වූ අතර, එහිදී පෙත්සම්කරුවන් කියා සිටියේ රාජ්‍ය මාධ්‍යයෙන් විපක්ෂයට කිසිදු ඉඩකඩක් නොදී ඒක පාර්ශවීයව කටයුතු කරන බවයි.lankae

ජනතා අවශ්‍යතාවයන්ගෙන් 1/3 ක් ඉටු නොකළ ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලා සිටීම පැරදවිය යුතුයි – විජිත හෙරත්


මේ මොහොතේදී රටේ දේශපාලනයේ අලූත් තත්වයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදීත් ඉඞී මහින්දගේ මැරකම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අප මෙම මර්ධනකාරී තත්වයන් පරාජය කරමින් අලූත් බලාපොරොත්තු තබා ගෙන නව ගමනක් යමින් තිබෙනවා. මේ සන්ධානය යුක්තියේ හා සාධාරණත්වය රජ කරන තැනක් බවට මේ වන විට ජනතාවගේත් විශ්වාසය වි තිබෙන බව අද (28* පෙරවරුවේ කොළඹ, රාකීය මාවතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙවර මහ මැතිවරණය සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කුසලානය යටතේ දිස්ත‍්‍රික්ක 22කටම නාම යෝජනා භාරදී තිබෙනවා එසේම කිසිදු ප‍්‍රති‍ක්‍ෂ්ප වීමකින් තොරව එවා පිළිගෙන තිබෙනවා. දෙමළ අපේක්‍ෂකයින් 22 මුස්ලිම් අපේක්‍ෂකයින් 21 කාන්තාවන් 11 දෙනෙක් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. මඩකලපුවෙන් කාන්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා අප පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන් රැසක් ඉන්නවා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මැතිතුමා රුහුණ සරසවියේ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා ,මානව හිමිකම් හ යහ පාලනය පිලිබඳ ආචාර්ය නීතිඥ කරුණාරත්න හේරත් මහතා හා ප‍්‍රවීන රංගන ශිල්පිනී සුවිනීතා වීරරත්න මහත්මිය ඇතුළු විශාල විද්වත් පිරිසක් අප සමග එකතු වි සිටිනවා.
අපි ජනතාවට කියනවා. මේ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය පිරිහී තිබෙනවා, අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය දැයේ දරුවන් මංමුලාකරන්නක් බවට පත්කර තිබෙනවා. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ගෙන් තුනෙන් එකක්වත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නැහැ. බඩු මිළ අහස උස ගිහින්, ගෑස් මිල හෙට සිට වැඩිකරනවා.ජී.එස්.පී. ප්ලාස් සහනය යුද්දයක් නොමැති තත්වයක් ඇතුලේ දීත් අහිමිකරගෙන තිබෙනවා. මෙයට බලපෑවේ රටේ ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනයි. ජනතා අවශ්‍යතාවයන්ගෙන් තුනෙන් එකක්වත් මේ ආණ්ඩුව ඉටුකර නැහැ. ඒ වෙනුවට තුනෙන් දෙකක
බලයක් ඉල්ලා සිටිනවා. දැන් මේ යන්නේ ජේ.ආර්. ගිය ගමනයි. එමගින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ පිළිවෙල මීට වඩා හොදින් ක‍්‍රියාත්මක කළ හැකියි.
මෙම ගමන නවතා දැමීමටයි අපි මේ සන්ධානය ආරම්භ කළේ, නමුත් මෙහි නායක සරත් ෆොන්සේකා මහතා සිරකර තිබෙනවා. අපි මේ මැතිවරණය ජනතා අධිකරණයක් විදියට පාවිච්චි කරනවා. එමගින් ඔහුට මේ රටේ මහජනතාව යුක්තිය ඉටු කළාවි යැයි අපි විශ්වාස කරනවා. ජාතිය නිදහස් කරගත් අභීත සෙන්තියාට කළගුණ සැලකීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ඔබේ පළමු කැමැත්ත යුක්තියට ලබාදෙන්න. සරත් ෆොන්සේකා මහතාට ලබා දෙමින් ඔහුට යුක්තියට ඉටු කරන්න. අපි සියලූ පක්‍ෂවල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන අසාධාරණයට එරෙහිව යුක්තිය වෙනුවෙන් සිරගතව සිටින ඔහුට මනාපය ලබා දී කොළඹ දිස්ත‍්‍රිකයෙන් සරත් ෆොන්සේකා මහතා පළමු තැනට පත්කරන්න කියා.
මේ ප‍්‍රවෘත්ති සකච්ඡුාව සදහා සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතරට තරඟ වදින අර්ජුන රණතුංග මහතා ඇතුළු මෙම සන්ධානයට සහයෝගය දක්වන නායකයින් සහභාගී වි සිටියහ.

රනිල් ‘ම’ පාර්ශවයේ නාමයෝජනා වැරැද්ද යටගැසීමේ තැතක්


මොණරාගල දිස්ත‍්‍රික්කය සදහා ‘මා’ පාර්ශවයේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම මකා දැමීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඒ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා හා එ.ජා.පය වෙත තම විරෝධය පළකර ඇත. ඒ අනුව තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු වන්නේ එ.ජ.පයේ නායකයා බව පවසන ඒ මහතා තමා ඌව පළාත් සභාවට තරඟ කොට වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අතර මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් දෙවන ඡන්ද ප‍්‍රතිශතයද හිමිකරගත් බව පවසා සිටියේය.
මෙම වැරැද්ද සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා මද්දුම බණ්ඩාර මහතා වෙත චෝදනා එල්ල කරන මුත් නාමයෝජනා යැවීම හා එම ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් අදාළ මැදිහත්වීම සිදුකර නොමැති බවට ඔහු චෝදනා කරයි. ’ම‘ පාර්ශවය මෙම මැතිවරණයේදී මොණරාගලින් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බැවින් එය වැලැක්වීමේ අරමුණින් මෙවැනි ක‍්‍රියාදාමයක් සැලසුම් සහගතව සිදුකරන්නට ඇති බවට සැක පහල වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී. truth

සන්ධානය එකට ගැටෙයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදින සිසිර ජයකොඩි මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රීයේ මෙම මැර ප්‍රහාරය එල්ල වූ බව සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. නාමයෝජනා බාර දීමෙන් අනතුරුව තමන් ජනහමු පැවැත්වූ ස්ථාන කිහිපයක නිවෙස් වලට ඊයේ මෙම මැර පිරිස පහර දී ඇති බව ජයකොඩි මහතා කියා සිටියි.
හිටපු අමාත්‍ය වරයෙකුගේ ආධාකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සිසිර ජයකොඩි මහතා පෑලියගොඩ පොලීසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර මනාප පොරයෙන් වැළකී සදාචාර දේශපාලනයක නිරත වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු අපේක්ෂකයෝ ඊයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. ada

මහ මැතිවරණයට නයි කැඳවයි


මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරඟවදින නිසාවෙන් ඒ ඒ කණ්ඩායම් වලට ලබාදිය යුතු මැතිවරණ ලාංඡන සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් අලුත් මැතිවරණ ලකුණු කිහිපයක් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම අම්පාර දිස්ත‍්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 44 ක් තරග කිරීම නිසා නව ඡන්ද ලකුණු 20 ක් හඳුන්වා දීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවී ඇත.
ඒ අනුව කඟවේනා,ගිරවා,නයා,බල්ලා, වැනි සතුන් ද ළිඳ, ඇඳ, ජලකරාමය, මිටිය, කඩුව, පරිගණකය, මේසන් හැන්ද, විදුලි පන්දම වැනි උපකරණද අඹ, ජම්බු වැනි පළතුරු ද හඳුන්වා දී තිබෙනු දක්නට ලැබේ.
මේ වන විට මෙම නව ඡන්ද සලකුණු ඇතුළත් විශේෂ ගැසට් පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර ඇත. ada

අතපෙවීම් එපා-උද්ඝෝෂණය හෙට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපෙවීමට බ්‍රිතාන්‍යයන් දරන උත්සාහයට එරෙහිව මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ‍සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලන්ඩන් නුවර දී පැවැත්වූ ජාත්‍යන්තර දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගී වීම මෙම විරෝධතාවයට ප්‍රධානතම හේතුව බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් ‍කරයි.
ද්‍රවිඩ සමුළුවට පැමිණ සිටි පිරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ගෝඩ්න් බ්‍රවුන් සමග වි‍ශේෂ සාකච්ඡාවක ද නිරත වු බව වාර්තා විය. මෙම සමුළුව ඇමතූ විදේශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලසීමාව තුළ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
එසේම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකාව යොමු විය යුතු බව ද මිලිබෑන්ඩ් මහතා සඳහන් කර තිබේ.
මිලිබෑන්ඩ් මහතා මෙම දේශනයට සහභාගී වීම පරාජයට පත්වූ ත්‍රස්තවාදයට නැවත පණදීමක් බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා තිබිණි. ada

බහින් බස් දුර යයි- අයෙක් කම්බස් වෙයි


පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ දී පිහියකින් ඇන ‍පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ‍ජ‍යකොඩි මහතා සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ බෝපේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.ada

පුද්ගලික බස් රථ 2000 ක් සූදානම්


පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සඳහා බස් රථ දෙදහසකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන පරිදි යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ ලබා දීමට නියමිතය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය තමන්ගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණ‍යේ දී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ප්‍රවාහන කටයුතු වල ගැටලුවක් ඇති වුවද මෙවර එය ඇති නොවන ආකාරයට ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියි.
බස් රථ‍ යොදා ගැනීමෙන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙටිට් එකවර ප්‍රවාහනය කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වාදෙයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ අනෙකුත් රාජකාරි කටයුතු සඳහාත් මෙම බස් රථ යොදා ගැනීමට නියමිතව ඇත. ada

කෝටි ගණන් කොල්ල කෑ කොල්ලකරුවන් කොටු


කෝටි ගණනක රත්‍රං සහ මුදල් මංකොල්ල කෑ ප්‍රධාන පෙළේ කල්ලියක් කොටු කර ගැනීමට රාගම පොලීසිය සමත්ව තිබේ.. රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් ක‍රන පරිදි මෙම කොල්ල කල්ලිය ලක්ෂ 70 කට අධික රත්‍තරං කොල්ල කා ඇති බවට තහවුරු කර ගෙන ඇත. විවිධ ක්‍රම වලින් කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 02 කට වැඩි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි. කොල්ල කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී ගිනි අවි 02 ක් ද සොයා ගෙන ඇති බව පොලිසීය පවසයි. ada

කච්චතිව් දූපතේ දේව මෙහෙය අදයි


කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙය ශ්‍රී ලාංකීය සහ ඉන්දීය ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් වසර ගණනාවකට පසුව අද පැවැත්වේ. යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම දූපතේ මෙවැනි දේව මෙහෙයවල් පැවැත්වීම නවතා දමනු ලැබිණි. කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙයට ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් අද දිනයේ සහභාගි වන බව විදෙස් මාධ්‍ය පවසයි.
පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් මෙම දේව මෙහෙයට සහභාගි වන බව වාර්තා ‍වන අතර ශ්‍රී ලාංකිකයන් දෙසීයයකට අධික පිරිසක් සහභාභි වීමට නියමිත බව ද සඳහන් වේ.
මෙම දේව මෙහෙය පැවැත්වෙන්නේ ශාන්ත මරියා දේවස්ථානය තුළය. පසුගිය දා දකුණු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ජය ලලිතා ජය රාම් මහත්මිය සඳහන් කළේ මෙම දූපත ඉන්දියාව සතු වන බවයි.
එහෙත් ජාත්‍යන්තර නීතියට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දියාව පිළිගෙන ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි. ada

97,000 ක් තාමත් අවතැන්වෙලා


අවතැන් වූ කඳවුරු වල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනූහත් දහස දක්වා අඩු වී ඇති බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මුලතිවු නගරය හැරුනු විට වන්නි පළාතේ ප්‍රධාන නගර කිහිපයකම පුද්ගලයින් නැවත පදිංචි කරවා තිබේ.
තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් නගර වල පසුගිය දින දෙක තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් පදිංචි කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි
. මුලතිව් නගරය සහ ඒ අවට ප්‍රදේශ වල බෝම්බ ඉවත් කිරීමේ කාර්යය ඉතා වේගයෙන් සිදු වන අතර එය අවසන් වීමෙන් අනතුරුව එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි කිරීමට බලාපොරොත්තු වන බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම් හල්දීන් මහතා කියා සිටියේය.ada