Sunday, February 28, 2010

අපේක‍ෂකයින් 660 යි: ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණයත් ගැටළුවක්

ඉතිහාසයේ වැඩිම අපේක‍ෂක සංඛ්‍යාවක් තරඟ කිරීම නිසා මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඩි 4 කටත් වඩා දිගු වන බැවින් මුද්‍රණය කිරීම පවා ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 66 ක් තරඟ කරති. එක් අපේක‍ෂක ලැයිස්තුවක අපේක‍ෂකයින් 10 දෙනෙකු සිටින අතර මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 ක් වේ. මේ සියළු දෙනාගේම නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතු බැවින් එය සාමාන්‍ය ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරන අයුරින් මුද්‍රණය කළහොත් අඩි 4 කට වඩා දිගු වේ. මේ නිසා නව ආකාරයක ඡන්ද පත්‍රිකාවක් කෙරෙහි කොමාසාරිස් කාර්යාලයේ අවධානය යොමුවී තිබේ.
මෙලෙසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ද කණ්ඩායම් 44 ක් තරග කරන බැවින් එහි ඡන්ද පත්‍රිකාවත් ඉතා දිගු එකක් වී ඇත.
අම්පාර සහ මඩකලපුවේ අසාමාන්‍ය ලෙස ස්වාධීන කණ්ඩායම් තරඟ කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට මුහුණ දුන් අපේක‍ෂකයන්ට ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් අවමය රුපියල් ලක‍ෂ 5 ක් ගෙවා ඇති බැවින් කුමන හෝ ක්‍රියාවක් සිදුකරගෙන මුදල් ලබා ගැනීමේ කූඨ අපේක‍ෂාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි. lankae

0 comments:

Post a Comment