Sunday, February 28, 2010

ජනතා අවශ්‍යතාවයන්ගෙන් 1/3 ක් ඉටු නොකළ ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලා සිටීම පැරදවිය යුතුයි – විජිත හෙරත්


මේ මොහොතේදී රටේ දේශපාලනයේ අලූත් තත්වයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදීත් ඉඞී මහින්දගේ මැරකම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අප මෙම මර්ධනකාරී තත්වයන් පරාජය කරමින් අලූත් බලාපොරොත්තු තබා ගෙන නව ගමනක් යමින් තිබෙනවා. මේ සන්ධානය යුක්තියේ හා සාධාරණත්වය රජ කරන තැනක් බවට මේ වන විට ජනතාවගේත් විශ්වාසය වි තිබෙන බව අද (28* පෙරවරුවේ කොළඹ, රාකීය මාවතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙවර මහ මැතිවරණය සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කුසලානය යටතේ දිස්ත‍්‍රික්ක 22කටම නාම යෝජනා භාරදී තිබෙනවා එසේම කිසිදු ප‍්‍රති‍ක්‍ෂ්ප වීමකින් තොරව එවා පිළිගෙන තිබෙනවා. දෙමළ අපේක්‍ෂකයින් 22 මුස්ලිම් අපේක්‍ෂකයින් 21 කාන්තාවන් 11 දෙනෙක් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. මඩකලපුවෙන් කාන්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා අප පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන් රැසක් ඉන්නවා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මැතිතුමා රුහුණ සරසවියේ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා ,මානව හිමිකම් හ යහ පාලනය පිලිබඳ ආචාර්ය නීතිඥ කරුණාරත්න හේරත් මහතා හා ප‍්‍රවීන රංගන ශිල්පිනී සුවිනීතා වීරරත්න මහත්මිය ඇතුළු විශාල විද්වත් පිරිසක් අප සමග එකතු වි සිටිනවා.
අපි ජනතාවට කියනවා. මේ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය පිරිහී තිබෙනවා, අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය දැයේ දරුවන් මංමුලාකරන්නක් බවට පත්කර තිබෙනවා. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ගෙන් තුනෙන් එකක්වත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නැහැ. බඩු මිළ අහස උස ගිහින්, ගෑස් මිල හෙට සිට වැඩිකරනවා.ජී.එස්.පී. ප්ලාස් සහනය යුද්දයක් නොමැති තත්වයක් ඇතුලේ දීත් අහිමිකරගෙන තිබෙනවා. මෙයට බලපෑවේ රටේ ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනයි. ජනතා අවශ්‍යතාවයන්ගෙන් තුනෙන් එකක්වත් මේ ආණ්ඩුව ඉටුකර නැහැ. ඒ වෙනුවට තුනෙන් දෙකක
බලයක් ඉල්ලා සිටිනවා. දැන් මේ යන්නේ ජේ.ආර්. ගිය ගමනයි. එමගින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ පිළිවෙල මීට වඩා හොදින් ක‍්‍රියාත්මක කළ හැකියි.
මෙම ගමන නවතා දැමීමටයි අපි මේ සන්ධානය ආරම්භ කළේ, නමුත් මෙහි නායක සරත් ෆොන්සේකා මහතා සිරකර තිබෙනවා. අපි මේ මැතිවරණය ජනතා අධිකරණයක් විදියට පාවිච්චි කරනවා. එමගින් ඔහුට මේ රටේ මහජනතාව යුක්තිය ඉටු කළාවි යැයි අපි විශ්වාස කරනවා. ජාතිය නිදහස් කරගත් අභීත සෙන්තියාට කළගුණ සැලකීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ඔබේ පළමු කැමැත්ත යුක්තියට ලබාදෙන්න. සරත් ෆොන්සේකා මහතාට ලබා දෙමින් ඔහුට යුක්තියට ඉටු කරන්න. අපි සියලූ පක්‍ෂවල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන අසාධාරණයට එරෙහිව යුක්තිය වෙනුවෙන් සිරගතව සිටින ඔහුට මනාපය ලබා දී කොළඹ දිස්ත‍්‍රිකයෙන් සරත් ෆොන්සේකා මහතා පළමු තැනට පත්කරන්න කියා.
මේ ප‍්‍රවෘත්ති සකච්ඡුාව සදහා සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතරට තරඟ වදින අර්ජුන රණතුංග මහතා ඇතුළු මෙම සන්ධානයට සහයෝගය දක්වන නායකයින් සහභාගී වි සිටියහ.

0 comments:

Post a Comment