Saturday, March 6, 2010

දිගුකාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගන්න: ජෙනරාල් අත්අකුරින් ලියූ ලිපියකින් රනිල්ට දැනුම් දෙයි


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැකීමට සූදානම් වන බැවින් ඊට මුහුණ දීමට විපක‍ෂයේ සියලූ බලවේග ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව මහා මැතිවරණයට නාම යෝජනා කැඳවූ සතියේ හමුදා අත්අඩංගුවේ සිටිමින් ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තම අත්අකුරෙන් ලියූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා

රනිල් වික්‍රමසිංහ මැතිතුමා
නායක, එක්සත් ජාතික පක‍ෂය

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි,

රටේ උද්ගතවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණය වෙනස් කිරීම සඳහා මැදිහත්වීම
---------------------------------------------------------------------------------------

මේ වන විට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉතාම බරපතළ අනතුරකට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම්වලින් පෙනේ. විශේෂයෙන්ම මේ වන විට කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කර ඇත. තවමත් මට එරෙහිව චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කර නැති අතර මෙය පෞද්ගලික පළිගැනීමක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් බව ඕනැම අයෙකුට පැහැදිලිව පෙනේ.
මෙම ප්‍රශ්නයට ගොදුරු වී ඇත්තේ මා සහ මට ආධාර උපකාර කළ අය පමණක් නොවේ. පසුගියදා zලංකාZ පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු නිදහස් කරන අවස්ථාවේදී අධිකරණය ප්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා නැති බවයි. ලංකා පුවත්පත තහනම් කිරීමට ද ආණ්ඩුව උත්සාහ දරන ලදී. ප්‍රකට පුවත් වෙබ් අඩවියක් වන zලංකා ඊ නිව්ස්Z වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඇති අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආණ්ඩුව දරන මතයට වඩා වෙනස් මතයක් දැරූ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත්වීමත් සමඟම ආණ්ඩුවේ පළි ගැනීමේ හස්තයට ගොදුරුවීමට සිදුවී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපා හැර ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ආණ්ඩුවට වඩා වෙනස් මත දරන පුද්ගලයන්ට ජනාධිපතිවරණයෙන් පසුව හිරිහැර කිරීම් වාර්තා විය. මේ වනතුරුත් තමන්ගේ සේවා ස්ථානවලට යා නොහැකි තරමට විශාල පිරිසකට තර්ජන එල්ලවී ඇත. තවමත් මෙම තත්ත්වය යහපත් අතට හැරී නැත. මෙම සිදුවීම් විසින් පෙන්වනුයේ ආණ්ඩුවේ මර්දනය කෙතරම් වර්ධනය වන්නේද යන බවයි. එමෙන්ම එය කොතැනට ගමන් කරන්නේද යන බවයි.
මේ අතර හදිසි නීති විධිවිධාන උපයෝගී කර ගනිමින් නව රැඳවුම් කඳවුරු අටක් ප්‍රකශයට පත් කර ඇත. මෙම නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ අංක 1639/19, 1640/01, 1640/02 දරන ගැසට් නිවේදන මඟිනි. තිස් වසරක් පුරා අපේ රට තුළ පැවැති යුද්ධය නිමවී ඇති තත්ත්වයක් යටතේ නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කිරීමේ කිසිදු පිළිගත හැකි හේතුවක් නැත. මෙමඟින් පෙනී යන එකම කරුණ නම් ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට සූදානම් බවය. තමන්ට විරුද්ධ මත දරන සියලූ පුද්ගලයන්ට, සංවිධානවලට හා දේශපාලන පක‍ෂවලට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරා දැමීමට හා ඒවාට බාධා කිරීමට කටයුතු කරන බවයි. රාජපක‍ෂ මහතාගේ දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට මුහුණ පා ඇත. මේ තත්ත්වය ඔබතුමාගේ අවධානයට යොමු වී ඇතැයි සිතමි.
උද්ගත වී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට මුහුණ දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ බලවේග එක්විය යුතුව තිබේ. ඒ සඳහා ඇති සුදුසුම ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී ඇතිවූ එක්සත්භාවය ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීමයි. එසේ එක්සත් භාවය වර්ධනය කර නොගෙන ඉදිරියේදී මතුවන තත්ත්වයන්ට හුදකලා වී මුහුණදිය නොහැකි අතර තනි හුදකලා කි්‍රයාමාර්ගවලින් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම ද කළ නොහැක. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියල්ලන් එක් අරමුණක් වෙනුවෙන් සමඟි විය යුතුව තිබේ. එය කළ යුත්තේ මා වෙනුවෙන් නොව රට මුහුණ පා ඇති අනතුරෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහායි. මෙහිදී පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායකයා ලෙස ඔබතුමාට සුවිශේෂී කාර්යභාරයක් පැවැරී තිඛෙන බව පැහැදිලිය. පාට, පක‍ෂ හා පටු වුවමනාවන් ප්‍රමුඛ කොට නොසලකා රටේ පොදු වුවමනාවන් ප්‍රමුඛත්වයේ ලා සලකමින් කි්‍රයාත්මක විය යුතු අවස්ථාව දැන් එළඹ ඇතැයි මම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබේ පරිණත හා දිගුකාලීන අත්දැකීම් උපකාරී කරගනිමින් මැදිහත් වනු ඇතැයි මම අපේක‍ෂා කරමි. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය කි්‍රයාත්මක කිරීම යන ඉල්ලීම් හරහා ගොඩ නැගී පසුව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු දක්වා වර්ධනය වන ලෙස පක‍ෂ හා සංවිධාන අතර ඇති වූ එක්සත්භාවය තවත් සංවිධාන හා පුද්ගලයන් එක් කරගනිමින් පුළුල් කිරීමට ඔබතුමා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. මේ මොහොතේදි අප ගන්නා තීරණ හෙට දවසේ රටේ ජනතාවගේ අයිතීන් හා නිදහස දිනාගැනීම පිළිබඳව තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කරනු ඇත. එබැවින් කෙටිකාලීන අවශ්‍යතා මත නොව දිගු කාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගැනීමට ඔබතුමා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඔබට ශක්තිය හා ජය
ස්තූතියි,
මෙයට විශ්වාසී

ජෙනරාල් සරත් ෆොන්සේකා
(ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය අත්අකුරින් ලියූ ලිපියේ ඡායා පිටපත් දෙකක් පහත දැක්වේ)

විශේෂ ස්තූතිය: ලංකා පුවත්පතට lankaen

සන්ධාන මැරයෝ කෑගල්ලේ වැඩ අරඹති - කුසලානයට මැර ප්‍රහාරයක්


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයට තරග වදින,අපේක්ෂක නීතිඥ රංජිත් අබේසිංහ මහතාගේ නිවසට ඊයේ (05)රාත‍්‍රි 12.30 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේ සන්ධානයේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් වූ මැර පිරිසක් විසිනි. ත‍්‍රීරෝද රථයකින් පැමිණ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලලිත් දිසානායකගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස විසින් අදාල පහරදීම සිදු කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසයි. මෙම පහරදීමෙන් විජේසිංහ මහතාගේ නිවසට සහ වාහනයටද අලාභානි සිදුවී තිබේ.
මීට පෙර නාමයෝජනා භාර දුන් දින සවස (පෙබරවාරි 26)ලලිත් දිසානායකගේ මැර පිරිසක් අබේසිංහ මහතාගේ නිවසට පැමිණ තර්ජනය කොට,පසු දින රාත‍්‍රියේ ඔහුගේ නිවසට ගල් මුල් ප‍්‍රහාරයක් ද එල්ල කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් අරණායක පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් මේ වන තුරු මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ අතර ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන්ද අබේසිංහ මහතා අරණායක පොලිසියට පැමිණිලි කොට ඇත.truth

සැමියා වෙනුවෙන් රට පුරා රැස්‌වීම්වලට මා යනවා - අනෝමා ෆොන්සේකා


මහ මැතිවරණ ප්‍රචාරක රැලි ඇමතීම සඳහා සිය සැමියා වෙනුවෙන් තමන් උතුර නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සෑම දිස්‌ත්‍රික්‌කයකටම ගමන් කිරීමට තීරණය කළ බව අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා වන්නේ තම සැමියා බවත්, එහෙත් සිරගත කර ඇති නිසා ඔහුට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ක්‍රියාකාරීව සහභාගිවීමට නොහැකිවී ඇති බවත් පැවසූ ෆොන්සේකා මහත්මිය සිරගතව සිටියද ඔහු නිතර රටේත්, ජනතාවගේත් යහපත උදෙසා කටයුතු කරන බව දන්වන්නැයි තමන්ට පැවැසු බවද වැඩිදුරටත් පැවසුවාය.
යුක්‌තිය, සාධාරණත්වය සහ සත්‍ය රට තුළ ස්‌ථාපිත කිරීම සඳහා රට පුරා සෑම දිස්‌ත්‍රික්‌කයකටම ගොස්‌ ජනතාව දැනුවත් කිරීමට සැමියා වෙනුවෙන් තමන් තීරණයක්‌ ගත් බවද ඇය ප්‍රකාශ කළාය.truth

ලංකාවේ ජනමාධ්‍යව්දීන් ගැන අමෙරිකාවේ අවධානයෙන්


ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වර්තමානයේ මුහුණ දෙමින් පවතින අභියෝග පිළිබඳ අමෙරිකවේ දැඩි අවධානය යොමු ව ඇත. අමෙරිකාවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන තානාපති කාර්යාලය පවසන්නේ අවාසනාවන්ත ලෙස ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් අභියෝගයන්ට මුහුණ දී ඇති බවයි
"ජනතාව සත්‍ය වාර්තා කිරීමට බියට පත් ව සිටිනවා. දෙයක් ලියන්න සහ ප‍්‍රකාශයට පත් කරන්න ඔවුන් පසුබට වෙනවා. ඒ නිසා ම ස්වයං වාරණය දැඩි ලෙස දක්නට ලැබෙන කාරනාවක්. ජනමාධ්‍යවේදීන් වටා සිදු වන දේ නිසා ඔවුන් කිසියම් මානසික ගැටලූවකට පත් වී තිබෙනවා." ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දූත සේවය සඳහා වන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී 'වැලරි ෆ්ලවර්' මෙසේ අදහස් දක්වා ඇත.truth

මහ රජු‍ගේ (අ)වෛරී දේශපාලනය හෂාන් පසුපසත් පන්නයි


එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතාට නවාතැන් දුන්නේය යන චෝදනාව එල්ල කිරීමට හැකිදැයි සොයා බලමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට හැකි දැයි සොයා බලන ලෙස රහස් පොලිසිය නීතිපතිගෙන් උපදෙස් පතා ඇත. මේ සම්බන්ධයෙන් අදාල චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපති උපදෙස් පතන රහස් පොලිසිය නීතිපතිවරයාට දන්වා ඇත්තේ ධනුන තිලකරත්න මහතා පෙබරවාරි මස 19 හා 20 යන දිනයන්හි හෂාන් තිලකරත්න මහතාගේ නිවසේ නවාතැන් ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මීට පෙර ද රහස් පොලිසිය විසින් හදිසියේම හෂාන් තිලකරත්න මහතාගේ පිළියන්දල පිහිටි නිවස සෝදිසි කර ඇති අතර, ධනුන තිලකරත්න මහතා සම්බන්ධයෙන් හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියගෙන් හා හෂාන් තිලකරත්නගේ මෑණියන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, පසුව හෂාන් තිලකරත්නගෙන්ද ප්‍රශ්න කිරීමක් කර ඇත.truth

පන්නිපිටියේ ඝාතනයක්


පන්නිපිටිය, දුම්රිය මාර්ග‍යේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. ඇය පොත්දෙණිය, පරකඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනා‍ගෙන ඇත. තරුණිය ඝාතනය කළ සැකකරු සිය දිවි හානි කිරීමට තැත් කර ඇති අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.ada

තවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක්


කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂක නීතීඥ රංජිත් විජේසිංහ මහතාගේ නිවසට ඊයේ රාත්‍රීයේ කිසියම් පිරිසක් පහර දී තිබේ.
මෙලෙස පහර දී ඇත්තේ ත්‍රී රෝද රථයකින් පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලලිත් දිසානායක මහතාගේ මැරවරයින් පිරිසක් බව වාර්තා වේ. පහර දීමෙන් රංජිත් වීජේසිංහ මහතාගේ නිවසට හා පුද්ගලික රථයට අලාභහානී සිදු වී ඇත.
ප්‍රහාරයෙන් සුලු මොහොතකට පසු අරණායක පොලිසිය මෙම ස්ථානයට වාර්තා කර ඇති බව සඳහන්ය. පහර දීමට අමතරව රංජිත් විජේසිංහ මහතාගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල වී තිබේ.ada

ෆොන්සේකාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩනය අවසන්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා පිළියෙළ කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
චෝදනා වලට අදාළ තාක්ෂණික වාර්තාවක් ද පිළියෙළ කර ඇති අතර ඉදිරි සතිය තුළ එම වාර්තා යුද හමුදාපතිවරයාට භාර දෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම ෆොන්සේකා මහතා සම්බන්ධ නඩුවට අදාළ සාක්ෂි පුද්ගලයන් 31 දෙනෙකුගෙන් ලබා ගෙන ඇති බව ද ප්‍රසාද් සමරසිංහ මහතා අවධාරණය කළේය.
එමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන බවට අද පුවත්පතක පළවූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙවැනි අසත්‍ය ප්‍රකාශයන්ගෙන් වලකින ‍ලෙස ද ඒ මහතා මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් 17දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් කළ බව ද, එම නිලධාරීන් අතරින් 11දෙනෙකු මේ වනවිට ප්‍රශ්න කිරීම් වලින් පසුව නැවත හමුදා සේවයට මුදාහැර ඇති බව ද හුළුගල්ල මහතා සඳහන් කළේය. එමෙන්ම සෙසු හමුදා නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බවත් පැවසීය. ada

ධනුන සහ මවගේ බැංකු ගිණුම් තහනම් කිරීමට පියවර


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න, ඔහුගේ මව සහ ඔවුන්ගේ හිතවතුන් දෙදෙනෙකුට අයත් බැංකු ගිණුම් 28ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රහස් පොලිසිය විසින් ගල්කිස්ස ම‍හේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ පුද්ගලික බැංකුවක ආරක්ෂක සේප්පුවක තිබී ෆොන්සේකා මහතාට අයත් බව කියන රුපියල් කෝටි 7කට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති බව සඳහන්ය. ඒ අනුව අදාළ ගිණුම්වල මුදල් ලැබුණු ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය අධිකරණයට පවසා ඇත.
මේ යටතේ අදාළ ගිණුම් පවත්වාගෙන යන බැංකුවල කළමනාකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමට ද රහස් පොලිසිය පියවර ගෙන ඇති අතර එහිදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ada

නැවත යුද්ධයකට ඉඩනොදිය යුතුයි


නැවත උතුරේ යුද්ධයක් ඇති නොවීමට පියවර ගත යුතු බව එස්.බී. දිසානායක මහතා පවසයි.
ඒ සඳහා උතුරේ ගැටලු විසඳන දිසාවට රට‍ මෙහෙයවන සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවිය යුතු බව ඔහු සඳහන් කරයි. රටේ තරුණ පරපුර විරැ‍කියාවෙන් මුදවාගෙන ඔවුන්ට බලාපොරොත්තු සහගතව ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම සියලුදෙනාගේ වගකීම බව හෙතෙම පෙන්වාදෙයි.
දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ඊට මූලික අඩිතාලම සකස් කර ඇති බව එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. එළඹෙන මහ මැතිවරණයේ දී බහුතර බලයකින් යුත් පාර්ලිමේන්තුවක් ලබාදීමේ වගකීම ජනතාව සතු වන බව ද හෙතෙම ‍කියා සිටියි. ada

සුමන හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට


අත්අඩංගුවට ගෙන රඳවා සිටින ශ්‍රි ලංකා නිදහස් භික්ෂු සම්මේලනයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ඌවේ සුමන හිමි ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මාසයකට අධික කාලයක් රඳවාගෙන ප්‍රශ්න කළ මෙම සැකකරුවන් පිරිස ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වු කරුණු සළකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා මෙම නියෝගය ලබාදුන්නේය. අතිරේක මහසේත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ පුජ්‍ය ඌවේ සුමන හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසය.
ඊට අමතරව ඌවේ සුමන හිමියන් ඇප මත මුදා හැරීමට ඇති හැකියාව නීතිපතිවරයාගෙන් විමසා, ලබන 15 වැනිදා අධිකරණයට දැනුම් දෙ‍න ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එම ස්වාමීන් වහන්සේ ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරණ සමයේ රජයට එරෙහි අපරාධයක් සිදුකිරීම සඳහා ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය මාලිගාවත්ත බෝධිරුක්ඛාරාමය තුළ සඟවා තබා ගැනීමේ චෝදනාව මතය. ada

නිරූපමා රා‍ඕ ලංකාවට


ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රා‍ඕ මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.
ඇය මෙරට රැඳී සිටින කාලය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරටට පොදු වූ කරුණු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වනු ඇත. මේ අතර ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කරන්නේ දෙරටේ නායකයින් මීට පෙර එකගතාවට එළඹි කරුණුවල ප්‍රගතිය පිළිබඳ නිරූපමා රාඕ මහත්මියගේ සංචාරයේ දී අවධානය යොමු වනු ඇති බවය.
මීට අමතරව ඉන්දීය රජයේ සහය ඇතිව පේරාදෙණියේ ස්ථාපිත කෙ‍රුණු ඉංග්‍රීසි භාෂා පුහුණු මධ්‍යස්ථානය නිරූපමා රාඕ මහත්මිය අතින් විවෘත කිරීමට නියමිතය. දැනට ඉන්දීය රජයේ විදේශ ලේකම් ධූරය දරන නිරූපමා රාඕ මහත්මිය 2004 සිට 2006 වසර දක්වා මෙරට ඉන්දීය මහකොමසාරිස් ලෙස ද කටයුතු කළේය. ada