Saturday, March 6, 2010

සුමන හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට


අත්අඩංගුවට ගෙන රඳවා සිටින ශ්‍රි ලංකා නිදහස් භික්ෂු සම්මේලනයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ඌවේ සුමන හිමි ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මාසයකට අධික කාලයක් රඳවාගෙන ප්‍රශ්න කළ මෙම සැකකරුවන් පිරිස ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වු කරුණු සළකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා මෙම නියෝගය ලබාදුන්නේය. අතිරේක මහසේත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ පුජ්‍ය ඌවේ සුමන හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසය.
ඊට අමතරව ඌවේ සුමන හිමියන් ඇප මත මුදා හැරීමට ඇති හැකියාව නීතිපතිවරයාගෙන් විමසා, ලබන 15 වැනිදා අධිකරණයට දැනුම් දෙ‍න ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එම ස්වාමීන් වහන්සේ ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරණ සමයේ රජයට එරෙහි අපරාධයක් සිදුකිරීම සඳහා ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය මාලිගාවත්ත බෝධිරුක්ඛාරාමය තුළ සඟවා තබා ගැනීමේ චෝදනාව මතය. ada

0 comments:

Post a Comment