Saturday, March 6, 2010

ධනුන සහ මවගේ බැංකු ගිණුම් තහනම් කිරීමට පියවර


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න, ඔහුගේ මව සහ ඔවුන්ගේ හිතවතුන් දෙදෙනෙකුට අයත් බැංකු ගිණුම් 28ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රහස් පොලිසිය විසින් ගල්කිස්ස ම‍හේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ පුද්ගලික බැංකුවක ආරක්ෂක සේප්පුවක තිබී ෆොන්සේකා මහතාට අයත් බව කියන රුපියල් කෝටි 7කට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණවල පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති බව සඳහන්ය. ඒ අනුව අදාළ ගිණුම්වල මුදල් ලැබුණු ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය අධිකරණයට පවසා ඇත.
මේ යටතේ අදාළ ගිණුම් පවත්වාගෙන යන බැංකුවල කළමනාකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමට ද රහස් පොලිසිය පියවර ගෙන ඇති අතර එහිදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ada

0 comments:

Post a Comment