Saturday, March 6, 2010

සන්ධාන මැරයෝ කෑගල්ලේ වැඩ අරඹති - කුසලානයට මැර ප්‍රහාරයක්


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයට තරග වදින,අපේක්ෂක නීතිඥ රංජිත් අබේසිංහ මහතාගේ නිවසට ඊයේ (05)රාත‍්‍රි 12.30 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම මැර ප්‍රහාරය එල්ලවී ඇත්තේ සන්ධානයේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් වූ මැර පිරිසක් විසිනි. ත‍්‍රීරෝද රථයකින් පැමිණ ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලලිත් දිසානායකගේ ආධාරකරුවන් වූ මෙම මැර පිරිස විසින් අදාල පහරදීම සිදු කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසයි. මෙම පහරදීමෙන් විජේසිංහ මහතාගේ නිවසට සහ වාහනයටද අලාභානි සිදුවී තිබේ.
මීට පෙර නාමයෝජනා භාර දුන් දින සවස (පෙබරවාරි 26)ලලිත් දිසානායකගේ මැර පිරිසක් අබේසිංහ මහතාගේ නිවසට පැමිණ තර්ජනය කොට,පසු දින රාත‍්‍රියේ ඔහුගේ නිවසට ගල් මුල් ප‍්‍රහාරයක් ද එල්ල කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් අරණායක පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් මේ වන තුරු මේ සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ අතර ඊයේ සිදුවූ පහරදීම සම්බන්ධයෙන්ද අබේසිංහ මහතා අරණායක පොලිසියට පැමිණිලි කොට ඇත.truth

0 comments:

Post a Comment