Saturday, March 6, 2010

නිරූපමා රා‍ඕ ලංකාවට


ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රා‍ඕ මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි.
ඇය මෙරට රැඳී සිටින කාලය තුළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රෝහිත බෝගොල්ලාගම අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරටට පොදු වූ කරුණු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වනු ඇත. මේ අතර ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කරන්නේ දෙරටේ නායකයින් මීට පෙර එකගතාවට එළඹි කරුණුවල ප්‍රගතිය පිළිබඳ නිරූපමා රාඕ මහත්මියගේ සංචාරයේ දී අවධානය යොමු වනු ඇති බවය.
මීට අමතරව ඉන්දීය රජයේ සහය ඇතිව පේරාදෙණියේ ස්ථාපිත කෙ‍රුණු ඉංග්‍රීසි භාෂා පුහුණු මධ්‍යස්ථානය නිරූපමා රාඕ මහත්මිය අතින් විවෘත කිරීමට නියමිතය. දැනට ඉන්දීය රජයේ විදේශ ලේකම් ධූරය දරන නිරූපමා රාඕ මහත්මිය 2004 සිට 2006 වසර දක්වා මෙරට ඉන්දීය මහකොමසාරිස් ලෙස ද කටයුතු කළේය. ada

0 comments:

Post a Comment