Friday, March 5, 2010

නාමල් බලකායේ 10කට ඇමැති පදවි


ලබන මහා මැතිවරණයෙන් ආණ්ඩු පක‍ෂය ජයග්‍රහණය කළහොත් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ඇමැති මණ්ඩලයේ තනතුරු දහයක් ලැඛෙන්නේ නාමල් රාජපක‍ෂ මහතා නායකත්වය දරණ නිල් බලකායේ තරුණ කණ්ඩායමට බව වාර්තාවේ.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ඇමැති මණ්ඩලයේ සාමාජිකත්වය 35 කට සීමාවනු ඇති බවත්, මෙයින් හිටපු ඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයිනට හිමිවන ඇමැති තනතුරු සංඛ්‍යාව 25 කට සීමාවනු ඇති බවත්ය.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නාමල් රාජපක‍ෂ මහතාගේ කණ්ඩායමක්, දකුණු පළාතේ ඔහුගේ කණ්ඩායමක්, ඉලක්ක කර ගනිමින්, නිල් බලකායේ ආශිර්වාදය ලබන පිරිස ඊළඟ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ ප්‍රබලයන් වන බවට දැනටමත් ඉඟි පළවීමත් සමඟ සන්ධාන අපේක‍ෂකයින්ට ලැඛෙන මනාප ඡන්දය ඒ අනුව වෙනස් වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ රාජ්‍ය සංස්ථාව හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක‍ෂ මණ්ඩල සාමාජිකයිනට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ දැනුම් දීම අනුව, සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කළත්, අවසාන මොහොතේ එය අත්හිටුවා මහා මැතිවරණය දක්වා ඔවුනට එම තනතුරු දැරීමට අවස්ථාව සලසා දෙන ලදී. එසේ කර තිඛෙන්නේ වර්තමාන ආණ්ඩුව නැවත බලයට පත්වුවහොත්, එම තනතුරු නාමල් රාජපක‍ෂ මහතාට අවශ්‍ය පුද්ගලයිනට ලබාදීමට අවස්ථාව සලසාදීමට බව පැවැසේ.මේ දිනවල රාජ්‍ය සංස්ථාවල බොහෝ සභාපතිවරුන් හා අධ්‍යක‍ෂවරුන් ගම්පහ දිස්ත්‍රික් සන්ධාන නායක බැසිල් රාජපක‍ෂ මහතාට සහාය ලබාදෙමින් ගෙන යන ප්‍රචාරක කටයුතු නාමල් රාජපක‍ෂ මහතාගේ දැඩි අවධානයට ලක්ව තිඛෙන බවද වාර්තාවේ. lankae

0 comments:

Post a Comment