Friday, March 5, 2010

කම්කරු විනිශ්චය සභා, රජයේ ගොඩනැගිලිවලට


කුලී ගෙවා පවත්වාගෙන යන කම්කරු විනිශ්චය සභා, රජයේ ගොඩනැගිලිවලට ගෙන ඒමට අධිකරණය හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම විනිශ්චය සභා පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යාම සහ තැනින් තැනට මාරු කිරීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම මෙම තීරණයට හේතුව බව එම අමාත්‍යාංශය පවසයි. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් මේ වන විටත් කුලී පදනම මත පවත්වාගෙන යන කම්කරු විනිශ්චය සභා ගොඩනැගිලි ගණන 12 කි. ඊට අමතරව තවත් ගොඩනැගිලි 05 ක් බදු පදනම මත පවත්වාගෙන යන බව වාර්තා වේ.
නව තීරණයත් සමග තලවාකැලේ හා හැටන්හි කම්කරු විනිශ්චය සභාවල ඉදිකිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කරන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කරයි. ඒ සඳහා මේ වන විටත් රුපියල් මිලියන 12 ක මුදලක් වෙන් කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ada

0 comments:

Post a Comment