Friday, March 5, 2010

වීසා ගැටළුවක් මත මහලු මව හා පුතු ලංකාවට


ඕස්ට්‍රේලියාවේ වෙසෙන අනූ දෙහැවිරිදි ශ්‍රී ලාංකික මහලු කාන්තාවක රැකබලා ගත් ඇයගේ පුතු වන 69 හැවිරිදි පුද්ගලයෙකුට වීසා පිළිබඳව ඇතිවූ ගැටළුවක් නිසා තම මව අතහැර අද සවස 5ට(ඕස්ට්‍රේලියානු වේලාවෙන්) පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුව ඇති පුවතක් පිළබඳව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් වාර්තා වේ. නමුත් මෙම මහලු කාන්තාව රැකබලා ගැනීමට වෙනත් කිසිදු පුද්ගලයෙකු නොමැති බැවින් ඇය ද සිය පුතු සමග ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටී.
එඩ්වඩ් ජෝශප් නැමති මෙම පුද්ගලයාට ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට කිසිදු නෛතික අවසරයක් නොමැති බව ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව පවසා ඇත. එමෙන්ම ඔහු ඉදිරිපත් කරන ලද සියළුම අභියාචනා ප්‍රතික්ෂේප කර තිබේ.
ජෝශප් මහත්මිය ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකාරියක වන අතර ඇයගේ පුතු ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 1996දීය. ඔහු එසේ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ සංචාරකයකු ලෙස බවත්, එමෙන්ම ඔහු ආරක්ෂක වීසා පත්‍රයක් සඳහා අයදුම් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. නමුත් කෙසේ හෝ ඔහුගේ මෙම අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර නැවතත් වාර අටකදී රජයෙන් කරන ලද ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වී තිබේ.
එඩ්වඩ් ජෝශප් විසින් වාර ගණනාවකදීම මහාධිකරණයට පවා ඉදිරිපත් කරන ලද නෛතික අභියාචනා ද පිළිගෙන නැත. ඔහු අද සවස 5වන විට සිය මව ද සමග ඕස්ට්‍රේලියාවෙන් පිටවයාමට එකගව ඇති බව ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා AAP වෙත සඳහන් කර තිබේ. ada

0 comments:

Post a Comment