Friday, March 5, 2010

මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීමට වැඩපිළිවෙළක්


මෙරටින් ත්‍රස්තවාදය තුරන් කළා සේම ආසියානු කලාපයෙන් මුහුදු කොල්ලකරුවන් තුරන් කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත ‍බෝගොල්ලාගම මහතා පවසයි.
එම වැඩපිළිවෙළ ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට ද සුදානම් බව බොගොල්ලාගම අමාත්‍යවරයා සඳහන් කරයි. මේ වන විට සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු නෞකා අතරට ශ්‍රි ලාංකික සේවකයින් රැඳි සිටි නෞකා දෙකක්ද ඇතුළත්ය. අදාළ පිරිස් මුදා ගැනීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් රෝහිත බෝගොල්ලාගම මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර පසුගිය සඳුදා මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු සෞදි ආරාබි නෞකාවක ශ්‍රි ලාංකිකයින් පිරිසක් සිටින බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් කඩිනමින් සොයා ‍බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා අදාළ අංශ වලට දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.ada

0 comments:

Post a Comment