Friday, March 5, 2010

ශ්‍රීපතිගේ බිරිඳ ලෝක වාර්තාවක් පිහිටුවයි


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වයේ හිටපු නියෝජ්‍ය නායක අභාවප‍්‍රාප්ත ශ‍්‍රීපති සූරියආරච්චි මහතාගේ බිරිඳ පැය 48ක් තුල ශ‍්‍රී ලංකාවේ පක්‍ෂ 3ක සාමාජිකත්වය ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.
ඇය පෙරේදා (02) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශ්වයට දොස් නගමින් සිය සැමියාගේ දේශපාලනය විනාශ කළේ මංගල සමරවීර බව කියමින් එම පක්‍ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන එම පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරියක් ලෙස කටයුතු කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වූ අතර ඊයේ (04)ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවී ඔහුට සහාය පළකරමින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරියට දුරකථනයෙන් කතා කොට තමා එක්සත් ජාතික පක්‍ෂයේ සහ සියලූ තනතුරුවලින් ඉවත්වන බව පවසා ඇත.
මේ අනුව දේශපාලන ඉතිහාසයේ පැය 48 ක් තුළ දේශපාලන පක්ෂ 3 ක සාමාජිකත්වය ලබා ගනිමින් ඇය තැබූ වාර්තාව මෙතෙක් කිසිදු දේශපාලන නායකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු සිදු කර ඇති බවට වාර්තා වී නොමැති අතර, මේ වන විට දිල්රුක්ෂි සූරියආරචිචි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටී.truth

0 comments:

Post a Comment