Friday, March 5, 2010

ඇමැති අමුණුගමගේ නීති වි‍රෝධී රැස්වීම අවලංගු කරන්නැයි NEM IHR මැකොගෙන් ඉල්ලයි


රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සිය මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් කැඳවා නීති විරෝධී රැස්වීමක් පවත්වන බවත්, වහාම මේ පිළිබඳ අවධානය යොමු කොට මෙම නීති විරෝධී රැස්වීම අවලංගු කරන ලෙස මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ සිදු වූවාක් මෙන් රජයේ නිලධාරීන් කැඳවා ඔවුන්ට සංග‍්‍රහ කොට මැතිවරණ ජයග‍්‍රහණය සඳහා මන්ත‍්‍රී ධූරාපේක්‍ෂකයන් කටයුතු කිරීම මැතිවරණ නීති-රීති උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහස බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙසත් එම නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුත් එම ලිපියේ වැඩිදුරටත් දන්වා ඇත.
මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය මෙසේය.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වෛද්‍යවරුන් කැඳවීම
ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් 2010 මහ මැතිවරණයේදී සිය ජයග්‍රහණය සඳහා සහාය ලබා ගැනීම පිණිස වූ රැස්වීමකට ආරාධනා කරමින් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් වෙත ලිපියක් යවා ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය (NEM IHR) වෙත පැමිණිලි ලැබී ඇත.
අදාල ලිපියේ ඡායා පිටපතක් මේ සමග එවන අතර ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කොට රජයේ නිළධාරීන් මැතිවරණ අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය සඳහා යොදා ගැනීම නීතිවිරෝධී බැවින් අදාල රැස්වීම අවලංගු කිරීම සඳහා පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.truth

0 comments:

Post a Comment