Friday, March 5, 2010

එජාප නායක රනිල් මද්දුමබණ්ඩාරගේ ගෙළ සිඳී


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් සභාපති ධුරය නොදීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. වාර්තා වන අන්දමට මොණරාගල එක්සත් ජාතික පක්ෂ නාම යෝජනාවලින් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීමේ සිද්ධිය මත මෙම තීරණය ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීම සදහා ලිපිය ද සකස් කර තිබූ නමුත් නාම යෝජනා සකස් කිරීමේදී ඔහු සිදු කළ ක්‍රියාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
මහා මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමට පෙර එජාප සියලූම දිස්ත‍්‍රික් නායකයින් ඔවුන්ගේ තනතුරට යළි පත් කෙරෙන ලිපි පක්‍ෂ මූලස්ථානයෙන් ලබාගෙන ඇති අතර,මද්දුම බණ්ඩාර මහතා එය පක්‍ෂ මූලස්ථානයට පැමිණ ලබාගෙන නැත. ඔහු යළි දිස්ත‍්‍රික් නායකයා ලෙස පත් කළ බවට පක්‍ෂ මූලස්ථානයෙන් ලිපියක් සකස් කර තිබී ඇතත්, එම ලිපිය ඔහුට නොදෙන ලෙසට පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.
මොණරාගල එජාප නාමයෝජනා ලැයිස්තුවට පක්‍ෂ නායකත්වය විසින් ඇතුලත් කරනු ලැබූ පළාත් සභා මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චිගේ නම "ටිපෙට්ස්" යොදා මකා දමා, ඒ වෙනුවට වෙනත් නමක් ඇතුලත් කොට එය ඉදිරියේ එජාප මහලේකම්වරයාගේ ව්‍යාජ අත්සන යොදා මොණරාගල තේරීම්භාර නිලධාරියාට භාරදී ඇතැයි සඳහන් කරමින් එජාප මහලේකම්වරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතාට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක්ද කර තිබේ.ada

0 comments:

Post a Comment