Saturday, April 24, 2010

අපෙන් කට්ටියක් ආණ්ඩුවට යනවා - රනිල් මංගලට කියයි


මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමු‍ණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එක් වෙන බවත්, එහිදී පුරප්පාඩු වන පළමු ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයට ලබා දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාට පවසා ඇත. ඊයේ සවස රනිල් වික්‍රමසිංහ මහතා හා මංගල සමරවීර මහතා දුරකතනයෙන් කතාබහ කොට ඇති අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සිය පක්ෂයට ලබා නොදීම ගැන මංගල සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා මුඛයෙන් කතා කොට ඇත.
මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධූරයන්හි පුරප්පාඩු වන පළමු අවස්ථාවේදීම එම මන්ත්‍රී ධූරය මංගල සමරවීර මහතාගේ පක්ෂයට ලබා ‍දෙන බවයි. මෙම පුරප්පාඩුව කුමක්දැයි මංගල සමරවීර මහතා විමසූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමු‍ණේ මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකු ආණ්ඩුවට යාමේ සූදානමක් පවතින බවත්, එසේ ආණ්ඩුවට ගිය වහාම තමන් විසින් මැතිවරණයට පෙර ලබා ගත් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියට අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරන බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සාකච්ඡා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ තමන් හමුවන ලෙස මංගල සමරවීර මහතාට පවසා ඇත. මෙහිදී මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමටත්, එහිදී එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමත් සම්බන්ධව ද සාකච්ඡා කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. lankatruth

0 comments:

Post a Comment