Saturday, April 24, 2010

නියෝජ්‍ය නායකකම හැර වෙන ඒව මට එපා - සජිත් කියයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය හැර වෙනත් කිසිදු තනතුරක් තමන්ට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදීය.
මෙහිදී පිරිස පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට රුක්මන් සේනානායක මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ උප සභාපති ධූරය භාර ගන්නා ලෙසයි. වත්මන් පක්ෂ නායකත්වය වහා වෙනස් වය යුතු බවත්, වත්මන් පක්ෂ නායකත්වය තිබෙන තුරු තමන්ට කිසිදු මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බවත් මෙහිදී පිරිස පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ උප සභාපති ධූරයෙන් තමන්ට වැඩක් නොමැති බවත්, පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් මෙහා කිසිදු තනතුරක් තමන් භාර නොගන්නා බවයි.
කෙසේ වෙතත් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවී කළ රහසිගත සාකච්ඡාව පිළිබඳව මෙම පිරිස් සාකච්ඡා කර ඇති අතර, පක්ෂයේ අභ්‍යන්තර රහස් ආණ්ඩු පක්ෂය දෙනු ලබන්නේ පක්ෂ නායකත්වය විසින්ම යන චෝදනාවද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල ලෙස එල්ල වී ඇත. lankatruth

0 comments:

Post a Comment