Friday, April 9, 2010

දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේ වැටුප් වහාම ලබා දෙන්න - වෘත්තීය සමිති මහා සම්මේලනය ඇමැති ඩලස්‌ගෙන් ඉල්ලයි


ශ්‍රී ලංකා දුම්රිය තාක්‍ෂණ ශිල්පීන්ගේ වෘත්තීය ගැටලුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බැවින් වහාම තම සේවකයන්ගේ වැටුප් ලබාදෙන්න යැයි කියමින් වෘත්තිය සමිති මහා සම්මේලනය ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා වෙත ලිපියක්‌ යවමින් කියා සිටී. එම ලිපිය මෙසේය.
වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්‍ෂණ ශිල්පී සංගමය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ ආරම්භ කර ඇත. 2010 මාර්තු 29 දින ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 10 ක්‌ ගත වුවද එයට අදාළ වෘත්තීමය ඉල්ලීම් විසඳීමට දුම්රිය බලධාරීන් හෝ ඔබතුමා කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම ගැටලු සහගත තත්ත්වයකි.
ඔවුන්ගේ ඉල්ලීම මත බඳවාගැනීම් පටිපාටි සංශෝධනය කිරීම හා මූලික තාක්‍ෂණ සේවයට අදාළ වැටුප් තලයන් ලබාගැනීම වැනි ඉල්ලීම් ඔබ රජයේ වැටුප් සංසන්දනය වන 06/2006 - 1 චක්‍රලේඛනය නිසා උද්ගතවූ බරපතල ගැටලු බව ද සිහිපත් කරන්නෙමු. මෙම ගැටලු හා අසාධාරණයන් උක්‌ත චක්‍රලේඛ නිකුත් කරන ලද 2006.04.25 වන දින ඇති වූ විෂමතාවන් සහ අසාධාරණයක්‌ වන අතර වසර 05 ක්‌ ගත වුවද අදාළ ගැටලුවලට විසඳුම් ලබා දීමට නොහැකිවීම බරපතල අසාධාරණයකි.
එසේම මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හරහා දුම්රිය එන්ජින් පරීක්‍ෂා කිරීමකින් තොරව හා ඒ මොහොතේ ධාවනයට සුදුසු බව සහතික කිරීමකින් තොරව මේ වන විට ධාවනයට යොදවන අතර එය මගී ජනයා අනතුරකට භාජනවීමක්‌ බව ද පැහැදිලිය.lankatruth

0 comments:

Post a Comment