Saturday, February 13, 2010

"සිරස"ට සම්බාධක පැනවීමේ රජයේ තැතක්


මහමැතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු අපේක්‍ෂකයෙකු "සිරස"රූපවාහිනි නාලිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොකිරීමටත්,සන්ධානයේ කිසිදු ප‍්‍රචාරක දැන්වීමක් ලබානොදීමටත් රජය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කර ඇත්තේ මෑතකදී ආණ්ඩුවට එක්වී තමන්ගේම පක්ෂයේ සාමාජිකයෙකුගේ ඇමතිකම ඔහු එම පක්ෂයෙන් ඉවත් වීමෙන් පසු බලහත්කාරයෙන් ලබා ගෙන තවත් කෙනෙකුට පැවරීමට කටයුතු කළ ආණ්ඩුවට හිතවක් පක්ෂයක පුද්ගලයෙකි.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී අදාල පුද්ගලයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. එසේම මහමැතිවරණයේදී සන්ධානයේ ප‍්‍රචාරක රැලි ආවරණය කිරීම සඳහා සිරසමාධ්‍ය ජාලයට ආරාධනා නොකිරීමටත්, එම මාධ්‍ය ජාලය සිය කැමැත්තෙන් පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් බාධා නොකිරීමටත් මෙහිදී යෝජනා කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කළ අදාල පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ මේ ආකාරයෙන් සිය කැමැත්තෙන් සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් පැමිණිමට බාධා නොකොට පැමිණෙන මාධ්‍යවේදීන්ට සිය පාක්ෂිකයින් ලවා පහරදීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී තමන් ආරාධනා නොකළ බවත්, එබැවින් මෙම පහරදීමේදී වගකීම තමන්ට භාර නොගත හැකි බවත් පැවසීමට හැකි බව මොහු වැඩිදුරටත් පවසා ඇත.
මෙම කරුණට අදාලව රජයට හිතවත් එක්තරා වෙබ් අඩවියක දක්වා ඇත්තේ අවශ්‍ය වුවහොත් 'සිරස'සම්බන්ධයෙන් දෙවන හා තුන්වන පියවරයන් වෙතද ගමන් කිරීමට ආණ්ඩුව පසුබට නොවන බවයි. බටහිර උවමනාවන් වෙනුවෙන් ක‍ඩේ යන මාධ්‍ය ආයතනයක් ලෙස හුවා දක්වමින් මේ කරුණට අදාලව ජනතාව ප්‍රකෝප කර සිරසට එරෙහිව උපරිම ක‍්‍රියාමාර්ග ගැනීම මෙහිදී සාකච්ඡා වී ඇත.truth

0 comments:

Post a Comment