Saturday, February 13, 2010

කැලණි වැලි දුම්රිය ගමනාගමනය සීමා කෙරේ


අද සහ හෙට යන දෙදින තුළ කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොට්ටාව සහ හෝමාගම අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 6 ට අවිස්‍සාවේල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොට්ටාව දුම්රිය ස්ථානයට පෙරවරු 7.43 ට ළඟා වීමට නියමිතව තිබෙන දුම්රියෙන් පසුව හෙට පස්වරුව දක්වා කොට්ටාව හා අවිස්‍සාවේල්ල අතර දුම්රිය ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. යළි කොට්ටාව හා අවිස්සාවේල්ල අතර දුම්රිය ධාවනය වන්නේ හෙට පස්වරු 4.10 ට කොටුව ‍දුම්රිය ස්ථානයෙන් පිටත්ව අවිස්සාවේල්ල දක්වා ධාවනය කෙරෙන දුම්රියත් සමඟය.
අද පස්වරු 2 . 25 ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය කොට්ටාව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම හෙට පෙරවරු 7.43 ට කොට්ටාව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා දුම්රියක් ධාවනය කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.adaderana

0 comments:

Post a Comment