Saturday, February 13, 2010

නිල් බලකාය ඡන්ද zසටනZ රුහුණු විශ්ව විද්‍යාලයයෙන් අරඹයි

zතාරුණ්‍යයට හෙටක්Z තේමාව කරගත් නිල් බලකාය ඉදිරි මහා මැතිවරණයට තමන්ගේ zසෙබළුන්Z ආණ්ඩු පක‍ෂයේ අපේක‍ෂකයින් ලෙස ඉදිරිපත් කරන්නට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වෙද්දී, විශ්ව විද්‍යාලවල තරුණ උපාධි අපේක‍ෂකයින් මෙල්ල කිරීමේ වැඩ පිළිවෙලක් රුහුණු විශ්ව විද්‍යාලයෙන් අරඹා තිබේ.
මෙල්ලය ඇරඹී තිඛෙන්නේ පසුගිය 11 වනදා රුහුණු විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයේ නවක ශිෂ්‍ය කණ්ඩායමේ සිසු පිරිසකට නිල් බලකායට සම්බන්ධ සිසු පිරිසක් විසින් පහරදීමකිනි.
මේ පහරදීම සිදුවන මොහොතේ විශ්ව විද්‍යාලයයේ නැගෙනහිර පැත්තේ පිහිටි ක්‍රීඩාගාරය අසල අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් රථ කීපයක් නවතා තිබුණ බව විශ්ව විද්‍යාලයයේ සිසුහු පවසති.
මේ ප්‍රහාරය සිදුකරන්නට දින දෙක තුනකට පෙර ජාතික රූපවාහිනිය zපසුවිපරමZ දේශපාලන වැඩ සටහනින් රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය එම විශ්ව විද්‍යාලය තුළින් ජවිපෙ භීෂණය පටන් ගන්නට යන බවට ප්‍රකාශ කර ඇත. මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවේ ගැටුම පැතිර යාම වළක්වා ගත්තේ තම සංගමය මැදිහත්වීමෙන් බවයි.
පහරදීමට මුල්වූ අයට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙස පාලක පක‍ෂයෙන් ඉල්ලා සිටිමින් මහා ශිෂ්‍ය සංගමය පාලක කාර්යාලය වටකර උද්ඝෝෂණයක්ද කළ බවත් පහරදීම සිදුවූ 11 වනදා රාත්‍රී අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් වර්ගයේ රථ 3 ක් මැද්දවත්ත නේවාසිකාගාරය ඉදිරිපිටින් දෙතුන් වතාවක් එහාට මෙහාට ධාවනය කර පසුව නේවාසිකාගාරය ඉදිරිපිට සෑහෙන වේලාවක් නතර කර තිබූ බවත් මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.enews






සිද්ධිය සම්බන්ධව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කොට පහරදීම කළ සිසුන් සම්බන්ධව විනයානුකූල පියවරක් ගන්නා බවට පොරොන්දුවක් දී තිබේ.

zනිල් බලකායZ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සෘජුව සම්බන්ධව ප්‍රචාරක ව්‍යාපාරයක යෙදුණි. මෙම බලකායේ නායකත්වය දරන්නේ ජනාධිපති වැඩිමහල් පුත් නාමල් රාජපක‍ෂ මහතායි. නාමල් රාජපක‍ෂ මහතා මහා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සන්ධාන අපේක‍ෂකයකු ලෙස තරඟ කරයි. ඔහුගේ දේශපාලන ආගමනයට පසුගියදා පියා වන මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයාගෙන් විවරණ ලබා ගත්තේය.

0 comments:

Post a Comment