Saturday, February 13, 2010

ටී.එම්.වී.පීය හා දෙමළ සන්ධානය තවමත් තීරණයක නෑ


ටී.එම්.වී.පීය ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ආකාරය මෙතෙක් තීරණය කර නොමැති බව එම පක්ෂයේ නායක නැ‍ෙගනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා‍ පවසයි.
හෙට දිනයේ දී පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හමුවී මේ පිළිබඳ අවසන් නිගමනයකට එළඹෙන බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් තම පක්ෂයට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත හැකි ආකාරයට එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන බව හෙතෙම සඳහන් කරයි. ටී.එම්.වී.පීය තනිවම හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මේ අතර දෙමළ ජාතික සන්ධානය එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ මෙතෙක් තීරණය කර නෙ‍ාමැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. දින කිහිපයකට පෙර මේ පිළිබඳ පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
එහෙත් එම සාකච්ඡාවට මාවෙයි සේනාධිරාජා, ගජේන්ද්‍ර පොන්නම්බලම් යන හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවීම හේතුවෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළ අවසන් නිගමනයකට එළඹෙන බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙකු කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment