Tuesday, April 13, 2010

යුද හමුදාපති ලබන සතියේ ඇමරිකාවට: එරට බලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යයි


(ලංකා ඊ නිව්ස් -2010.අප්‍රේල්.13, පෙ.ව.11.30) යුධ හමුදාපති ජගත් ජයසූරිය මහතා පෞද්ගලික චාරිකාවක් සඳහා ලබන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව zලංකා ඊ නිව්ස්Z වෙත වාර්තා වේ.

ඔහු මෙම චාරිකාව සඳහා ඇමරිකාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමරිකානු අභ්‍යන්තර ආරක‍ෂක දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට ප්‍රථම ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය දීර්ඝ කර ගැනිමට ඇමරිකාවට පැමිනි විටකදී පැයකට අධික කාලයක් ඇමරිකානු අභ්‍යන්තර ආරක‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් වලට ලක් වූවද ආරක‍ෂක ලේකම් වරයා එA පිළිබඳ ප්‍රසිද්ධ නොකෙළේය. පසුව හිටපු හමුදාපති, ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ද ඇමරිකාවට පැමිණි පසු එවැනිම ප්‍රශ්න කිරීමක් සඳහා පැමිණෙන්නැයි ඇමරිකානු බලධාරීන් පැවසූ විට ඔහු ප්‍රශ්න කිරීමට ලක් නොවී යලි සිය රට පැමිණියේ එම සිද්ධියට මහත් ආන්දෝලනයක් ගෙන දෙමිනි.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියෙකු ඇමරිකාවේ සංචාරයක යෙදෙන්නේ මෙවර ය. ජගත් ජයසූරිය මහතාගේ සොහොයුරන් තිදෙනෙකු ඇමරිකාවේ පදිංචි කරුවන් වන අතර එක් අයෙක් හියුස්ටන් නගරයේද, තවත් අයෙක් ෆිල්ඩෙල්පියා නගරයේද අනෙක් සොයුරා චිකාගෝ නගරයේද වෙසෙති. ජයසූරිය මහතා චිකාගෝ නගරය වෙත පැමිණෙන්නේ ලබන 20 වනදා පැවැත්වීමට නියමිත සිය සොයුරාගේ දරුවෙකුගේ මංගල්‍යයකට සහභාගී වීමට ය.

මේ පිලිබඳව තතු විමසීමට හමුදා ප්‍රකාශකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප කළ උත්සාහය සාර්ථක නොවිණි.

0 comments:

Post a Comment