Tuesday, February 9, 2010

ෆොන්සේකා ගැනීම නීතියට එකඟයි


ආරක්ෂක හමුදාවේ සේවය කළ සොල්දාදුවෙකු හෝ නිලධාරියෙකු සේවයෙන් විශ්‍රාම ගිය පසු වුවද මාස 06 ක කාලයක් තුළ ඔහු ‍හෝ ඇය සේවය කරන කාලයේ කළ වැරදි සම්බන්ධයෙන් වුව යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගත හැකි බව රජයේ ආරක්ෂක ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
හමුදා පනතේ 57 වන වගන්තියේ සඳහන් එකී විධිවිධාන වලට අනුව ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරන කාලයේ කරන ලද දේශපාලන කුමන්ත්‍රණ මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතු වූ බව අද සවස පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසීය.
මේ වන විට ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වාගෙන යන බවත්,ඉදිරියේදී චෝදනා ගොනු කර නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් මත ක්‍රියා කරන බව ද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment