Tuesday, February 9, 2010

ඇමති මහින්ද අද එ.ජා මහ කොමසාරිස් හමුවෙයි


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස්වරයා හමුවීමට නියමිතව තිබේ.
උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල අවතැන් ව සිටි ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ඇන්ටෝනියෝ ගු‍ටායිනෝ මහතා සමඟ සමරසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. මානූෂීය මෙහෙයුමෙන් පසු අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ දී ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය මෙහි දී සමරසිංහ මහතා විසින් පැහැදිලි කරනු ඇතැයි සඳහන් වේ.
මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ජිනීවා බලා පිටත් වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය හමුවීමේ අරමුණින් බව අමාත්‍යංශ ආරංචි මාර්ග දක්වයි.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ සරත් ෆොන්සේකා මහතා සිදු කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය එක්සත් ජාතීන්‍ වෙත දැන්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

0 comments:

Post a Comment