Sunday, February 21, 2010

ක්‍රිකට් තරගයක් අතරතුර ඇමති ගොඩ බැහැලා තරගය අවලංගු කරයි

සංචාරක අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංචාරයක් හේතුවෙන් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයක් සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවැති කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට මුස්තාපා අමාත්‍යවරයා රැගෙන පැමිණි හෙලිකොප්ටර් යානය ඊයේ උදේ 08.45 ට ගොඩ බස්වා එදින පුරාවටම එය එහි නතර කර තිබීම ‍හේතුවෙන් තරගය මෙලෙස අවලංගු කිරීමට සිදුව තිබේ.
අස්ගිරිය ක්‍රීඩාංගණයේ දෙවැනි දිනයට මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබිණි. මුල් දිනයේ ක්‍රීඩා කළ කළුතර විද්‍යාලයීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත් අතර ඊ‍ට පිළිතුරු වශයෙන් සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 95ක් ලබා ගෙන තිබුණි. මේ තත්වය හමුවේ ඊයේ දිනයේ තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වී තිබේ.
අමාත්‍යවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් කළුතර විද්‍යාලීය කණ්ඩායම සහ සිල්වෙස්ටර් විද්‍යාලයීය කණ්ඩායම් අතර තරගය අවසන් තීරණයකින්‍ තොරව නිමාවට පත්කිරිමට සිදුව තිබේ.truth

0 comments:

Post a Comment