Sunday, February 14, 2010

ජෙනරාල් ලඟ වැඩ කළ පැහැරගත් සැරයන් වරයා ටවුන්හෝල් අසලට ගෙනැවිත් දමලා: ජෙනරාල්ට එරෙහි ගෙතූ කථා පිළිගන්නැයි වධ දීලා



ජෙනරාල් ෆොන්සේකාගේ කාර්යාලයේ සේවය කරන පසුගිය 11 වෙනිදින අතරුදහන් වූ රාගම කුසුමේ ගෙදර පදිංචි, ෙජ්. අශෝක් කුමාර නම් ආබාධිත සැරයන් වරයා ඊයේ කොළඹ නගර ශාලාව අසලට පැහැරගෙන ගිය පිරිස ගෙනවිත් දමා ඇත.
පැහැර ගෙන ගිය පිරිස විසින් කුමාර මහතාගේ හිස බූ ගා ඇහි බැම එකින් එක ගලවමින් පහර දෙමන් වධ දී ඇත.
අශෝක් කුමාර මහතා පවසන පරිදි ඔහුව පැහැරගෙන ඇත්තේ පොලිස් ඇඳුම් හැඳ සිටි පිරිසකි. ඔහුව නංවා ගෙන ඇත්තේ පොලිස් රියකට ය. පසුව ඔහුගේ දෑස් බැඳ ඇති අතර අතර මගදී වෙනත් රියකට මාරු කොට ඇත. පැයක පමණ ගමණකින් පසු දෑස් ගලවා ඇති අතර එහිදී සිටි පිරිස කළු ඇඳුම් හැඳ සිට ඇත.
නොදන්නා ස්ථානයකට ගෙන යාමෙන් පසු ඔහුට වධ දී ඇත. එහිදී ඔහුට කොන්දේසි කිහිපයක් පිළිගන්නට බල කර ඇති අතර එAවා මෙසේය.
1. ජෙනරාල් වරයා තමන්ට අවියක් දුන් බව
2. පබා ටෙලි නාට්‍යයේ රඟපෑ ජෙනරාල්වරයාට සහාය පළ කළ උපේක‍ෂා ස්වර්ණමාලි නිළිය සමග ජෙනරාල් වරයාත් අර්ජුන රණතුංග මහතාත් අයථා සම්බන්ධයක් පවත්වනවා තමන් දුටු බව
3. තමන්ගේ විශ්‍රාම වැටුප සකස් කර දීමේදී හමුදාපතිව සිටි ජෙනරාල් ෆොන්සේකා මහතා තම බිරියට අයථා යෝජනාවක් කළ බව

මෙම කොන්දේසි පිළිගන්නා ලෙසට බලකරමින් සැරයන් කුමාර මහතාට වධ දී ඇත. කුමාර මහතා කොන්දේසි වලට යටත් නොවී ඇති අතර පසුව පැහැර ගත් පිරිස විසින් යළි කොළඹ ටවුන් හෝල් මංසන්ධියේදී අතහැර දමා zතෝ ඕනෙ පොලීසියකට කම්ප්ලේන් කරපං. අපි බය නෑZ යනුවෙන් පවසා පලා ගොස් ඇත.
තමා පැහැර ගත් පොලිස් ඇඳුම් හැඳ සිටි පිරිසත් තමාට වධ දුන් කළු ඇඳුම් හැඳ සිටි පිරිසත් යළි දුටුවහොත් හඳුනාගත හැකි බව පවසන අශෝක් කුමාර මහතා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. enews

0 comments:

Post a Comment