Sunday, February 14, 2010

කතානායකගේ පුත්‍රයාගේ මංගල තෑග්ග වෙනස් වෙයි


පාර්ලිමේන්තුවේ හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ පුත‍්‍රයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල, හපුතලේ ආසනයේ ප‍්‍රධාන සංවිධායකයා වශයෙන් පත් කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි. ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව මෙම සංවිධායක ධූරය පිරිනැමුණු බවත්, පක්ෂයට තරුණ නායකයින් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය ලබා දුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මේ අනුව උදිත් ලොකුබණ්ඩාර මහතා මෙවර මහ මැතිවරණයේදී බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට නියමිතය.
කෙසේ වෙතත් පසුගිය වසරේ මැයි මස 28 වැනිදා පැවැත්වූ උදිත ලොකුබණ්ඩාර මහතාගේ විවාහ උත්සවයේදී ඊට පෙර දින එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක ධූරයට අදාල ලිපිය ලබා දී තිබියදී, උත්සවය පැමිණි ජනාධිපතිවරයා උදිත් මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධූරය ලබා දුණි.
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක ධූරය ලබා දී ඇති බවයි.

0 comments:

Post a Comment