Friday, June 25, 2010

අනුරාධපුරයට පොලිතින් ගේන්න එපා


පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමි‍ණීමේ දී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. බැතිමතුන් ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බව එම අධිකාරිය පෙන්වාදෙයි.

කෙසේවෙතත් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් කසළ බහාලීම සඳහා කසල බඳුන් 120 ක් ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අසල ස්ථාපනය කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා අනුරාධපුර මහ නගර සභාව සහ පළාත් පාලන ආයතන අනුග්‍රහයක් දක්වන බව එම අධිකාරිය පවසයි. ඊට අමතරව කැළිකසල කලමනාකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අනුරාධපුර ප්‍රදේශයේ අද දිනයේත් හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. adaderana

0 comments:

Post a Comment