Tuesday, September 14, 2010

දෙවන යුද අධිකරණයට අර්ජුන රණතුංගත් සාක්ෂිදෙයි


සරත් ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කරන දෙවන යුද අධිකරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සාක්ෂි ලබා දී තිබේ.

ඊයේ පස්වරු 2.00 ට නාවික හමුදා මූලස්ථානයේ දී රැස් වූ දෙවන යුද අධිකරණය සඳහා විත්තියේ සාක්ෂිකරුවෙකු ලෙස අර්ජුන රණතුංග මහතා සාක්ෂි ලබා දුන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ‍ජෙනරාල් උභය මැදවල මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව මහාධිකරණ රෙජිස්ට්‍රාර් එස්.එන් දයාරත්න මහතා ද ඊයේ දෙවන යුද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ. ඒ අනුව දෙවන යුද අධිකරණය අද(14) පස්වරු 2.30 දක්වා කල් තැබූ බව උභය මැදවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේ සිට ලබන 18 දක්වා අඛණ්ඩව දෙවන යුද අධිකරණය රැස් වන අතර අද දිනයේ(14) ද විත්තියේ සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබේ.adaderana.lk

0 comments:

Post a Comment