Tuesday, September 14, 2010

පෙත්සම විභාගයේදී ෆොන්සේකාට උසාවි ඒමට ඉඩ ලැබෙයි


ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම විභාග කිරීම නැරඹීමට සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය නම් අධිකරණයට පැමිණිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කරනු ලැබීය. සරත් ෆොන්සේකා මහතා ඡන්ද පෙත්සම විභාග කිරීම නැරඹීම සඳහා ගෙන ඒමට කටයුතු කරන ලෙස අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල යුද හමුදාපතිවරයාට නියෝග කර ඇත.

සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ. කෙසේ වෙතත් යුද අධිකරණයේ නඩු විභාග පැවැත්වෙන හෙයින් සරත් ෆොන්සේකා මහතා මේ සඳහා සහභාගී කරවා ගැනීම ප්‍රායෝගික නොවන බව එහිදි රජයේ පාර්ශවයේ නීතීඥවරුන් කියා සිටියේය.

යුද අධිකරණයේ නඩු විභාග පැවැත්වෙන්නේ නම් එම කටයුතු පස්වරු 2.30න් පසුව පවත්වන ලෙස කරුණු සලකා බැලු අගවිනිසුරුවරයා පසුව නියෝග කරනු ලැබීය. adaderana.lk

0 comments:

Post a Comment