Saturday, February 27, 2010

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ


මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය නිමල් පියතිස්ස මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකු වලපනේ රෝහලට ‍ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙසේ ප්‍රහාර එල්ල වී ඇත්තේ නිමල් පියතිස්ස මහතාගේ වලපනේ පිහිටි කාර්යාලයටය. ප්‍රහාරයෙන් කාර්යාලයේ දේපල රැසකට හානී සිදු ව ඇත.
අමාත්‍ය නිමල් පියතිස්ස මහතා වලපනේ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ සහෝදරයෙකු ඇතුළු පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවය. ඊයේ රාත්‍රී සිදු වූ මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වලපනේ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. අමාත්‍ය නිමල් පියතිස්ස මහතා මෙන්ම අමාත්‍ය සී.බී රත්නායක මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින්ය. ada

0 comments:

Post a Comment