Saturday, February 27, 2010

මං දන්නෙ නෑ, මං බාරදුන්නේ පක‍ෂයෙන් මට දීපු නාමයෝජනා පත්‍රයයි -රංජිත් මද්දුම බණ්ඩාර

මම බාරදුන්නේ පක‍ෂයෙන් මට දුන් නාම යෝජනා පත්‍රය බව මොණරාගල දිස්ත්‍රික් එජාප නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.ඔහු එසේ පැවැසුවේ මොණරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පෙරමුණෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුලත් කර තිබීම ගැන zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු දෙමිනි.මොණරාගල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේක‍ෂකයකු ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතා නාම යෝජනා පත්‍රයට පක‍ෂයේ මහලේකම්වරයා ඉදිරිපිට අත්සන් කළ බව ඔහු ප්‍රකාශ කරන අතර, එසේ නම් ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුල් කොට දිස්ත්‍රික් එජාප නායකයා ලෙස ඔබ විසින් නාමයෝජනා පත්‍රය බාර දීම ගැන කියන්නේ කුමක්දැයි විමසූ විට කීවේ ලියුම්කවරයක දමා තමාට දුන් නාමයෝජනා පත්‍රය බාරදුන් බවත්, තමා ඇතුළු පිරිස නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ සිරිකොතදී ලිපිකාර මහත්මියක් ඉදිරිපිට බවත්ය.මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ඇසූ ප්‍රශ්න හා ඒවාට මද්දුම බණ්ඩාර මහතා දුන් පිළිතුරු මෙසේයි.
ප්‍රශ්නය: පක‍ෂයේ මහලේකම්ට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔහු වාචිකව පැමිණිලි කර තිඛෙනවා. එසේ කළ බව එජාප මහ ලේකම්වරයා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවා. එසේ නම්, නම ඉවත් නොකළ බව ඔබ කියන්නේ කොහොමද?පිළිතුර: මා ඒක දන්නේ නෑ. මම බාරදුන්නේ මට පක‍ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවයි. කවුරු හරි මා එසේ කළා යැයි කියනවා නම් ඒ අයට විරුද්ධව මා අධිකරණයට යනවා.
ප්‍රශ්නය: තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට යන්න සූදානම් බව කියනවා.
පිළිතුර: ඒක හොඳයි. අධිකරණය තීරණයක් දේවි.
ප්‍රශ්නය: කණ්ඩායම් නායකයා ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔබ කියන්නේ කුමක්ද?
පිළිතුර: කාගේවත් නමක් කපා දමන්න මට අවශ්‍යතාවක් නෑ. එසේම ඔය කියන පුද්ගලයා නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අපි දැක්කෙත් නෑ.
ප්‍රශ්නය: එහෙනම්, මේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් වුණේ කොහොමද?
පිළිතුර: 1994 මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවට අපේක‍ෂකයකු ලෙස හේමා ප්‍රේමදාස මහත්මියගේ නම ඇතුලත් කර, ඇය අත්සන් ද කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රයට බාර දෙන කොට ඇගේ නම කැපිලා රත්නසිරි රාජපක‍ෂ මහතාගේ නම ඇතුල් වී තිබුණා. කොළඹ මහ නගර සභාවට එජාපය දුන් නාමයෝජනා පත්‍රයේ ටී.එම්. සංඝදාස මහතාගේ නම ඇතුලත්ව, ඔහුද නාම යෝජනා පත්‍රය අත්සන් කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රය බාරදෙන විට ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් දා තිබුණා.
ප්‍රශ්නය: නාම යෝජනා පත්‍රය වෙනස් කිරීම බරපතල වරදක් බව පවසා ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, එජාප මොණරාගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔබ වහා ඉවත් කරන ලෙසත්, ඔබට විරුද්ධව මේ කාරණය සම්බන්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසත් පක‍ෂ මහලේකම්වරයාට දැනුම් දුන් බවක් වාර්තා වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: නාම යෝජනා දෙන්න කලින් දිස්ත්‍රික්කයේ එජාප නායකයාගෙනුත් විමසන්න එපායැ. එවැන්නක් සිදුවූයේ නෑ. මාව එජාප දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කළොත් මම ඊට විරුද්ධව අධිකරණයට යනවා. එපමණක් නොවෙයි. මාව ඉවත් කළත් දිස්ත්‍රික් එජාප කමිටු හා ශාඛා රැස්වී මාව දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ගනීවි.lankae

0 comments:

Post a Comment