Thursday, February 11, 2010

දේශපාලනය යනු මැර බලය නෙවෙයි


දේශපාලනය යනු මැර බලය හෝ පළිගැනීම නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයත් සමඟම ජනතාව බියවද්දා දේශපාලනය කළ යුගය අවසන් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සනිටුහන් කරමින් අද පෙරවරුවේ තංගල්ල නගර ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය..
ඕනෑම පුද්ගලයෙකුට දේශපාලනය කිරීමේ අයිතිය තිබුණ ද රට නැවත ත්‍රස්තවාදීන්ට පාවා දීමට හෝ රටේ සාමය, සමගිය විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි.
කෙළෙහි ගුණ දන්නා ජනතාවක් සිටින රට තුළ නිරන්ත‍රයෙන් සත්‍ය ජයගන්නා බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. adaderana

0 comments:

Post a Comment