Thursday, February 11, 2010

ජෙනරාල්ට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යුධ හමුදා රෝහල් අධ්‍යක්ෂ යැවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා


විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රතිකාර සඳහා ඔහුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සම්පූර්ණ විස්තර දන්නා යුධ හමුදා රෝහලේ අධ්‍යන්ෂකවරයා ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වූයේ අද ජෙනරාල් නිල නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අ‍නෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ බෝම්බ ප්‍රහාර තුනකට ලක්ව ඇති සරත් ෆොන්සේකා මහතාගේ ශරීරය පුරාම යකඩ කැබලි ඇති බවත්, මේ වෙනුවෙන් නිසා ප්‍රතිකාර නිරතුරුවම සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මෙම ‍තත්ත්වය පිළීබඳ මනා වැටහීමක් ඇති යුධ හමුදා රෝහලේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කිරීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප වූ බවත්ය.
"මගේ ස්වාමියාට බොහෙත් මම ගෙනිහින් දුන්නා. නමුත් අපට දොස්තර මහතාව තමයි තවමත් ගෙන්න ගන්න බැරි වුණේ. ඒ සඳහා මම ජාත්‍යන්තර රතු කුරුසයෙන් ඉල්ලීමක් කළා. කවුරුත් ‍නොදන්න කාරණාවක් මේක. ඔහුගේ ඇඟ පුරාම තියෙනව යකඩ කෑලි. ඔහු තුන් වතාවක් බෝම්බවලට අහු වෙච්ච කෙනෙක්.
මුල්ම වතාවේ හදවතට අඟලක් මෙහායින් පොඩි යකඩ කෑල්ලක්. දෙවනියට තියෙනවා පිටිපස්සෙන් වැදුණු එකක්. එකෙ යකඩ කෑලි වකුගඩුවට ඉතාමක් කිට්ටුවෙන් තිබෙන්නෙ. තුන්වෙනුව තමයි මරාගෙන මැරෙන බෝම්බයට අහු වුණේ. එහිදී ඔහුගේ බඩවැල්වල තාමත් ඒ යකඩ කෑලි වගේම තුවාල තියෙනවා.
මේ නිසා ඔහුව නිරතුරුවම පරීක්ෂාවට භාජනය කළ යුතුයි. ඒ පරීක්ෂාවන් මෙතෙක් කරමින් සිටියේ යුධ හමුදා රෝහලේදී. ඔහුගේ සියලුම විස්තර දන්නේ යුධ හමුදා රෝහලේ සිටිය අධ්‍යක්ෂකවරයායි. ඔහුව ප්‍රතිකාර සඳහා අපි ඉල්ලා සිටියා. නමුත් ඔහුව ලබා ගන්න බැරි වුණා. මේ ඉල්ලීම කළේ මම නෙමෙයි. යුධ හමුදාපතිතුමාගෙන් ඔහු ඉල්ලීමක් කරලා තිබුණා. ප්‍රතිකාර සඳහා ඉඩ ලබා දෙන්න කියා. නමුත් තවමත් ඔහුව ලබා ගන්න බැරි වී තිබෙනවා." අනෝමා ෆොන්සේකා මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.truth

0 comments:

Post a Comment