Thursday, February 11, 2010

මගේ සැමියාගේ ජීවිතය අනතුරේ: ජෙනරාල්ගේ බිරිඳ බිය පළ කරයි


තමා ගෙදර සිටියාට තමාට බියක් දැනෙන බවත් ඒ තමා ගැනවත්, දරුවන් ගැනවත් නොව, හමුදා අත්අඩංගුවේ පසුවන ස්වාමි පුරුෂයාගේ ජීවිතයට කරදරයක්වේද කියා බවත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවාය.
තමාගේ ස්වාමිපුරුෂයාට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් ඇතුළු පක‍ෂ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපිට දී පහර දී රැගෙන ගියා නම්, හමුදා අත්අඩංගුවට ගත් තම ස්වාමි පුරුෂයාගේ ජීවිත ආරක‍ෂාව පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගින බවත් ෆොන්සේකා මහත්මිය කීවාය.
ෆොන්සේකා මහත්මිය එසේ කීවේ කොළඹ රැජිණ මාවතේ පිහිටි ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
අපේ කාර්යාලයේ වැඩ කළ 40 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, අපි රජයට එරෙහිව කුමන්ත්‍රණය කළා යැයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ කරන බවත් කී ෆොන්සේකා මහත්මිය, අපි කළ කුමන්ත්‍රණය කුමක්දැයි ප්‍රශ්න කළාය.
ජනවාරි 26 වෙනිදා රාත්‍රියේ අපව අත්අඩංගුවට ගන්න යන බවට ආරංචියක් සැලවීමත් සමඟ තමාත් තමාගේ ස්වාමි පුරුෂයා හා පවුලේ ඥාතීනුත් සමඟ සිනමන් ලේක්සයිඩ් හෝටලයට ගියේ ආරක‍ෂාවට මිස කුමන්ත්‍රණය කිරීමට නොවේ යැයි කී ෆොන්සේකා මහත්මිය එදා අපේ පවුලේ අය සමඟ මේ රටේ පක‍ෂ නායකයින් කීපදෙනෙක් සහ මන්ත්‍රීවරු ගණනාවක් සිටි අතර, රජය පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ මගේ ස්වාමි පුරුෂයා පමණක් ගත්තේ ඇයි දැයි අසන අතර හෝටලයේ එදා තමාත් ඥාතීනුත් තවත් අයත් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ෆොන්සේකා මහත්මිය රජයෙන් ප්‍රශ්න කළාය.
අද මේ රටේත්, හමුදාවේත් කි්‍රයාත්මක වන්නේ කැලෑ නීතියක් බවත් කී ෆොන්සේකා මහත්මිය, එම කැලෑ නීතිය කි්‍රයාත්මක කරන්නේ කවුද කියා මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් කීවාය.
තම ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගැනීම ගැන ලක‍ෂ්මන් යාපා අබේවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන ඇමැතිවරුන් සහ හමුදා ප්‍රකාශක ප්‍රසාද් සමරසිංහ මහතා එකින් එකට පරස්පර ප්‍රකාශ කරන බව කී ෆොන්සේකා මහත්මිය තම ස්වාමි පුරුෂයාට එරෙහිව ඔවුන් කරන චෝදනාවල පදනමක් නැති බවත් පෙන්වා දුන්නේය.
කොළඹ නාවික මූලස්ථානයේ රඳවා සිටින තම ස්වාමි පුරුෂයා බලන්නට අවසර ලබාදුන්නේ, තමා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයෙන් කළ ඉල්ලීමෙන් පසුව බවත් කුඩා කාමරයක රඳවා සිටින තම ස්වාමිපුරුෂයා සමඟ නිදහස් කථා කිරීමට නිදහසක් නැති බවත් කී ෆොන්සේකා මහත්මිය හමුදාවේ හා නාවික හමුදා රැකවලූන් කාමරය ඇතුලේ සහ එළියේ යොදා සිටින බවත් කීවාය.
තම ස්වාමි පුරුෂයාට යුද්ධය නිසා ඇතිවූ තුවාල නිසා නිතර ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය බවත්, ඔහුගේ රෝගී තත්ත්වය ගැන හොඳින්ම දන්නා හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් නම් කර ඔහුගේ සේවය ලබාදෙන්නැයි තම ස්වාමි පුරුෂයා හමුදාපතිගෙන් ඉල්ලීමක් කර ඇතත්, හමුදාපතිවරයා විසින් එම වෛද්‍යවරයා ලබාදෙන්නට නොහැකි යැයි ප්‍රකාශ කර ඇති බවත් ෆොන්සේකා මහත්මිය කීවාය.
තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමෙන් පසුත්, රහස් පොලීසියෙන් ගෙදරට පැමිණ, විවිධ ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බවත්, මේ අන්දමට සලකන්න අප කර ඇති වැරැද්ද කුමක්දැයි විමසා සිටි ෆොන්සේකා මහත්මිය ප්‍රශ්න අහලා තමන්ව මානසිකව වැට්ටවිය නොහැකි බවත් මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ සැබෑ ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා නොව තමාගේ ස්වාමි පුරුෂයා බවත් ෆොන්සේකා මහත්මිය හැඟ=ම්බරව ප්‍රකාශ කළාය.
ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි ආයතනවල ප්‍රධානීන් දේශප්‍රේමී යැයි කියා ගන්නා රැලක් තම පවුලට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරය නතර කර නැති බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මේ දේවල් නොකීවේ මන්දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහත්මිය, තමා ඒ අය ආශ්‍රය කර ඇති නිසා ඒ අයගේ හෘද සාක‍ෂිය හොඳින් දන්නා බවත්, වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා යැයි තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කීවාය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු
ප්‍ර: ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නැතැයි ඔබතුමිය ප්‍රකාශ කළත් අමාත්‍ය ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාත්, මාධ්‍යට ප්‍රකාශ කළා යුද අපරාධ සිදු වී තිඛෙනවා නම්, ඒ ගැන තමාගෙන් ජාත්‍යන්තරව විමසා සිටියහොත් සාක්කි දෙන්න සූදානම් බව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් දිනයේ සවස බී.බී.සී ගුවන් විදුලියට ප්‍රකාශයක් කර තියෙනවා කියලා. මේක නිසාද ඔබතුමියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගන්න හේතු වුණේ?
පි: ෆොන්සේකා මහත් එවැනි ප්‍රකාශයක් කළාද කියන්න මම දන්නේ නැහැ. මම ඒ වෙලාවේ හිටියේ ගෙදර. ඔහු හිටියේ කාර්යාලයේ.
එම ප්‍රශ්නයත් සමඟ පැහැදිලි කිරීමක් කළ බී.බී.සී සංදේශ වැඩසටහනේ ලංකාවේ නියෝජිත එල්මෝ ප්‍රනාන්දු මහතා,
zබී.බී.සී. මාධ්‍ය ආයතනයට අත්අඩංගුවට ගත් දිනයේ සවස ෆොන්සේකා මහතා ප්‍රකාශයක් කළ බව ඇත්ත. නමුත් හමුදාව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ රාත්‍රී 9.30 ට, බී.බී.සී සංදේශ වැඩසටහනේ එම ප්‍රකාශය විකාශය කළේ රාත්‍රී 10.00 ටයි. ෆොන්සේකා මහතා අපට කළ ප්‍රකාශය නිසා අත්අඩංගුවට ගත්තා කියන එක අපි ප්‍රතිෙක‍ෂ්ප කරනවා. ෆොන්සේකා මහතා අපට යම් ප්‍රකාශයක් කළා නම් ඒ කළේ සම්මුඛ සාකච්ඡාවකදී නොවෙයි ආයතනයේ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.enews

0 comments:

Post a Comment