Tuesday, June 29, 2010

බෲනෝගේ ඉවෙන් සොරෙක් කොටුවෙයි


බදුල්ල ප්‍රදේශයේ සිදුවූ සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් නිල සුනඛයෙකුගේ මාර්ගයෙන් හසුකරගැනීමට බදුල්ල පොලිසිය සමත්ව තිබේ. ඇටම්පිටිය, මාළිගාතැන්න ප්‍රදේශයේ නිවසකින් රුපියල් 50,000 කට වැඩි වටිනාකමකින් යුතු පරිගණකයක් සහ එහි උපාංග සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව බදුල්ල පොලිසිය සඳහන් කර ඇත. බදුල්ල පොලිසියේ නිල සුනඛ අංශයට අයත් බෲනෝ නම් සුනඛයා මෙම පරීක්ෂණ කටයුතු සඳහා සහය කරගෙන තිබේ.

ඒ අනුව මෙම සුනඛයා සොරකම සිදුවූ නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි නිවසක් වෙත ඉව ඔස්සේ පැමිණ නතර වූ බව බදුල්ල පොලිසිය ප්‍රකාශ කර තිබේ. එම නිවසේ තරුණයාගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. සොරාගත් පරිගණක උපාංග බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළඳසැලකට අලෙවි කර තිබියදී සොයාගැනීමට හැකිවූ බව බදුල්ල පොලිසිය පෙන්වා දී ඇත. adaderana

0 comments:

Post a Comment