Tuesday, June 29, 2010

ෆොන්සේකාගේ පෙත්සම විභාගය ගැන තීරණය අද


දෙවන යුද්ධාධිකරණයේ විමර්ශන කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් ගොනු කළ පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අභියාචනාධිකරණයේ සත්‍යා‍ හෙට්ටිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

දෙවන යුද අධිකරණය සදහා පත් කර ඇති විනිසුරුවරුන්ගෙන් සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි නිසා එහි විභාගය අත්හිටුවීමේ නියෝගයක් පනවන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචානාධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම පෙත්සමට මූලික විරෝධතා මතු කර ඇති වත්මන් යුද හමුදාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් පෙත්සම විභාග කිරීමට අවසර ලබා දීමට තරම් සාධාරණ පදනමක් නොමැති බව පෙන්වා දෙයි. එම නිසා එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් ඔවුන් අභියාචානාධිකරණයෙන් ඉල්ලා සිටියි. adaderana

0 comments:

Post a Comment