Sunday, June 27, 2010

ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉන්දියාවටත් යම් කාර්යයක් පැවරෙනවා


ජාත්‍යන්තරයෙන් ශ්‍රි ලංකාවට එල්ල වන ඇතැම් බලපෑම් හමුවේ ඉන්දියාවට ද යම් කාර්ය භාරයක් පැවරී ඇති බව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා පවසයි. මෙරට ජීවත් වන සෑම ජාතියකටම ස්වාධීනව ජීවත් වීමේ අයිතිය රජය විසින් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශ්‍රි ශිවරාජ් සිං චව්හාන් මහතා අග්‍රාමාත්‍ය නිල නිවසේදී හමුවු අවස්ථාවේ අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාවේ වේගවත් සංවර්ධනය පිළිබඳ ඉන්දියාව අතිශය සතුටට පත් වන බව එහිදි අදහස් දැක්වු ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ඉන්දියාව ක්‍රියා කරන බව ද ශිවරාජ් සිං චව්හාන් මහතා අවධාරණය කළේය. මේ අතර ඉන්දියාවේ ඉදිකෙරෙන බෞද්ධ විශ්ව විද්‍යාලය සඳහා භූමියක් ලබාදීමට සහ ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. adaderana

0 comments:

Post a Comment