Sunday, June 27, 2010

ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් වලට විරුද්ධයි -ටිල්වින්


ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මානව විරෝධී ක්‍රියාවන්ට දැඩි විරෝධය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. යුද්ධය අවසන්ව මාස 13 ක පමණ කාලයක් ගතවුව ද තවමත් මානව හිමිකම් රැකීමට ආණ්ඩුව අසමත්ව ඇති බවත්, එය බරපතල ගැටලුවක් බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වාදෙයි. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවට සහයදීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි බවත්, එසේ වුවහොත් එය ප්‍රජාත්‍රන්තවාදය කඩකිරීමක් වන බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූවේ අද දෙරණ වාර්තාකරු චතුරංග කරුණානායක සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය. එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් වලට ද තම පක්ෂය එරෙහි වන බව ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේ වුවද ඔහු පවසන්නේ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම වලට ද විරෝධය දක්වන බවය. ආණ්ඩුව සිදුකරන වැරදි ක්‍රියාවන් ආරක්ෂා කිරීමේ වුවමනාවක් තම පක්ෂයට නොමැති බව ද ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි. adaderana

0 comments:

Post a Comment