Sunday, June 27, 2010

ශිවරාජ් සිං ජනපති හමුවේ


දිවයිනට පැමිණ සිටින ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය ශිවරාජ් සිං චවුහාන් මහතා, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී මෙම හමුව පැවැත්විණි. මේ දිනවල දිවයිනේ සංචාරයක නිරත වන චවුහාන් මහතා මෙරට ‍ඓතිහාසික වැදගත්කමින් යුත් ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත විය.

සාමකාමී පරිසරයක් තුළ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බව ඔහු ජනාධිපතිවරයා‍ වෙත දන්වා ඇත. ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය මෙවැනි සංචාර වලින් තවදුරටත් ශක්තිමත් වන බව එහිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment